මිචෙල් ජොන්සන් ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රිඩක මිචෙල් ජොන්සන් අද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගත්තේය.

නවසීලන්තයට එරෙහිව පැවති දෙවන ටෙස්ට් තරගයෙන් අනතුරුවයි.

අද දිනයේ පන්දුවට පහර දීම සඳහා පිටියට පැමිණෙන අවස්ථාවේදී ප්‍රතිවාදි නවසීලන්ත ක්‍රිඩකයන්ගෙන් මිචෙල් ජොන්සන්ට හිමි වූයේ විශේෂ පිළිගැනීමකි.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 73 කට ක්‍රිඩා කර ඇති ජොන්සන් කඩුලු 313 ක් ලබාගෙන ඇති අතර එක්දින තරග 153 කදී මිචෙල් ජොන්සන් ලබාගෙන ඇති කඩුලු ගණන 239කි.

මිචෙල් ජොන්සන් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු ලබාගත් ක්‍රීඩකයින් අතර සිව්වැනි ස්ථානයේ රැඳී සිටී.

ජොන්සන් 2005 වර්ෂයේදී නවසීලන්තයට එරෙහිව එක්දින ජාත්‍යන්තර වරම් දිනාගත් අතර 2007 වර්ෂයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් වරම් දිනා ගත්තේය.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු ලබාගත් පන්දු යවන්නන් පස්දෙනා –

කඩුලු 708 – ශේන් වෝන් : තරග 145

කඩුලු 563 – ග්ලේන් මැග්රාත් : තරග 124

කඩුලු 355 – ඩෙනිස් ලිලී : තරග 70

කඩුලු 313 – මිචෙල් ජොන්සන් : තරග 73

කඩුලු 310 – බ්‍රේට් ලී : තරග 76

during day five of the second Test match between Australia and New Zealand at WACA on November 17, 2015 in Perth, Australia.
during day five of the second Test match between Australia and New Zealand at WACA on November 17, 2015 in Perth, Australia.

mitchell-johnson-2

PERTH, AUSTRALIA - NOVEMBER 17:  during day five of the second Test match between Australia and New Zealand at the WACA on November 17, 2015 in Perth, Australia.  (Photo by Robert Cianflone/Getty Images)
PERTH, AUSTRALIA – NOVEMBER 17: during day five of the second Test match between Australia and New Zealand at the WACA on November 17, 2015 in Perth, Australia. (Photo by Robert Cianflone/Getty Images)

mitchell-johnson-4