පුරවැසිභාවය පිළිගනිමින් කුමාර් නිදහස් කරන්න – පෙරටුගමින්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයන් පස් දෙනකුට  කොටුව පොලිසියේ අද (18) දිනයේ  පෙනී සිටින ලෙස දැනුම් දුන්න ද තමන් පොලීසියේ පෙනී නොසිටින බව එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගෙඩ මහතා පවසයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් මහතා ගේ මෙරට පුරවැසිභාවය පිළිගනිමින් ඔහු නිදහස් කරන්නැයි ඉල්ලා එම පක්ෂය කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිට ආරම්භ කළ උපවාසය සම්බන්ධයෙන් තොරතුරු විමසීම සඳහා පැමිණෙන ලෙස කොටුව පොලීසිය මෙම දැනුම් දීම ඔවුනට සිදු කර ඇත.

පසුගිය 13 වැනි දා සිට පැවැත්වෙන මෙම උපවාසය සම්බන්ධයෙන් පොලීසිය අධිකරණ නියෝගයක් ලබාගන්නේද යන්න පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ගෙන් විමසා සිටි අවස්ථාවේ අධිකරණ වාරණයක් සම්බන්ධයෙන් තමන් කව ම දැනුම්වත්කර නැතැයි ද ඒ බව සොයා බලා මාධ්‍යට දැනුම් දෙන බව ද ඒ මහතා පැවසී ය.

59 212 12184210_701654119934097_3221881138166335949_o