ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙතින් ඉදිරිපත් වී ඇති යෝජනා පිළිබද විමසීම වෙනුවෙන් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් කැදවූ සර්ව පාක්ෂික නියෝජිත සමුළුවේ දෙවන හමුව ඊයේ (17) සන්ධ්‍යාවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
ජනාධිපති කාර්යාලයේදී රැස්වූ සර්ව පාක්ෂික සමුළුවට දේශපාලන පක්ෂ රැසක නායකයින් සහ නියෝජිතයින් ද සහභාගි වූහ.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, පක්ෂවලින් ඉදිරිපත් කළ සියලු යෝජනා ඉංග්‍රීසි සිංහල හා දෙමළ භාෂාවලින් සියලු පක්ෂවලට ලබාදීම පිණිස සභාවේ එකඟත්වය අනුව කටයුතු කරන්නැයි ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දුන් බවයි.