නයිජීරියා බෝම්බ පිපිරීමකින් 30ක් මරුට

නයිජීරියාවේ යෝලා නගරයේ සිදුවූ බෝම්බ පිපිරීමකින් තිස් දෙනකුට අධික පිරිසක් මියගොස් තිබේ. ඊට අමතරව තවත් එවැනිම පිරිසක් තුවාල ලබා ඇත. මේ පිපිරීම සිදු වී ඇත්තේ කාර්යබහුල වෙළෙඳපොළක් සහිත ප්‍රදේශයක වන අතර වෙළෙන්දන් දවසේ වැඩ කටයුතු අවසන් කරමින් සිටි වේලාවකය.

මේ ප්‍රහාරය පිළිබඳ වගකීම කිසිවෙක් බාර ගෙන නොමැති වුවත් යෝලා වෙත පැමිණි නයිජීරියානු ජනාධිපති මුහම්මදු බුහාරි, මෙය බොකෝහරම් ප්‍රහාරයක් බව ප්‍රකාශ කළේ ය. මේ වසර ඇතුළත යෝලා නගරය දෙවරක්ම මෙවන් ප්‍රහාරයන්ට ලක්විය. යෝලා නගරය අදමාවා නමැති උතුරු ප්‍රදේශයේ පිහිටා ඇති අතර බොකෝහරාම් දැඩි ප්‍රහාරවලට ලක්වන ප්‍රදේශයකි. 2002 වසරේදී හඳුන්වා දුන් බටහිර පන්නයේ අධ්‍යාපනය බොකෝහරාම්වරුන් බටහිර අධ්‍යාපනය හෝෂා භාෂාවෙන් තහනම් කරන ලද බව ප්‍රකාශ කළේ ය. නයිජීරියාව 2009 වසරේදී හමුදා මෙහෙයුම් දියත් කළ අතර පාසල් දැරියන් අවම වශයෙන් දෙසීයක් ද ඇතුළුව දහස් ගණනක් මෙහිදී මිය ගියහ.

Ddfg -Jos-Nigeria-011 Wreckage-of-burnt-vehicle-014

ඒ.එෆ්.පී.