නව තානාපතිවරු හා මහ කොමසාරිස්වරු පත් කෙරේ.

රජය විසින් නව තානාපතිවරු සහ මහකොමසාරිස්වරු 13 දෙනෙකු පත්කර තිබෙනවා.
ඒ,   ඩී.එස්.එල්. පැල්පොල ඉතාලියේ නව තානාපතිවරයා ලෙසත්,  ඒ.එල්.එම්. ලාෆීර් ජෝර්දානයටත්, කේ.ඩබ්ලිව්.එන්.ටී. කරුණාරත්න මියන්මාරයේ නව තානාපතිවරයා ලෙස පත්කර ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මහේෂිනි කොලොන්නේ සඳහන් කළේ. එමෙන්ම ඔස්ටි‍්‍රයාවේ නව තානාපතිවරිය ලෙස ප්‍රියානි විජේසේකරත්, ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහජන චීනයේ තානාපතිවරයා ලෙසත්, වඩිවේල් ක්‍රිෂ්ණමූර්ති ඉන්දියාවේ චෙන්නායි නගරයේ නියෝජ්‍ය මහ කොමසාරිස් ලෙසත් පත්කර තිබෙනවා. ඉන්දුනීසියාවේ නව තානාපතිවරයා ලෙස පත්කර ඇත්තේ දර්ශන පෙරේරායි.
මීට අමතරව පලස්තීන රාජ්‍යයේ තානාපති ධුරයට එම්.එස්. අන්වර් පත්කර ඇති අතර, තුර්කියේ නව තානාපතිවරයා වන්නේ පී.එම්. අන්සාර්.
මේ අතර,  එස්.කේ.මොහිදීන් –  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නව තානාපතිවරයා ලෙස පත්කර තිබෙනවා.
එමෙන්ම, සිංගප්පූරුවේ සහ දකුණු අප්‍රිකාවේ මහ කොමසාරිස්වරුන් ලෙස පත්කර ඇත්තේ නිමල් වීරරත්න සහ සුනිල් ද සිල්වායි.