රාජිතට එරෙහිව රංජන්

සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා ඇවන්ගාඩ් හිමිකරු නිශ්ශංක සේනාධිපති මහතාගෙන් අල්ලස්‌ මුදල් ලබාගෙන ඇත්දැයි විමර්ශනයක්‌ සිදුකරන ලෙස ඉල්ලා සමාජ සවිබල ගැන්වීමේ සහ සුබසාධන නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා (18 වැනිදා) අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත පැමිණිල්ලක්‌ ඉදිරිපත් කළේය.

ඇවන්ගාඩ් හිමිකරු විසින් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට ඔහුගේ ලේකම්වරයකු වන වෛද්‍ය සයුර සමරසිංහ නැමැත්තා මගින් රු. ලක්‍ෂ 50 ක්‌ ලබාදීමට තැත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ හඬ පටයක්‌ද චෙක්‌ පතේ ඡායා පිටපත්ද තමන් අල්ලස්‌ කොමිසමට ලබාදීමට කටයුතු කරන බව රංජන් රාමනායක මහතා ඊයේ අල්ලස්‌ කොමිසම ඉදිරිපිටදී මාධ්‍ය වෙත පැවැසීය.

 

v