තායිලන්ත උප අගමැති ශ්‍රී දළදා වැඳපුදා ගනී

තායිලන්තයේ සිට සර්වඥ ධාතුන් වහන්සේලා වැඩම කිරිම සමඟ මෙරටට පැමිණි තායිලන්ත උප අගමැති wissanu Krea –ngam මහතා ඇතුලු දුත පිරිස මහනුවර දී ශ්රි දළදා වහන්සේ වැඳ පුදා ගත්තහ.

එම පිරිස මල්වතු පාර්ශ්වයේ අති පූජ්‍ය මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත් අතර මෙම අවස්ථාවට අධිකරණ හා බුද්ධශාසන කටයුතු අමාත්ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ද එක්ව සිටියේය.

එසේම ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා, බුද්ධශාසන අමාත්‍යංශයේ ලේකම් වසන්ත ඒකනායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

958c36b0cfd2b454c5479bed6fd316bd_L

sinhala.news.lk