නාගදීපය නයිනතිව් වුණොත් කොළඹ දෙමළ නම් එකක් තියන්නේ නෑ

කොටි සැකකරුවන් නිදහස් කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන්නේ ඇයි දැයි දැන ගැනීමට කැමති බව රාවණා බලය සංවිධානයේ මහලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි පවසයි.ජනපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් ලබා දෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.

ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ ඇතුළු නියෝජිතයන් පිරිසක් ජනපති ලේකම් කාර්යාලය වෙත පැමිණි අතර එහිදී මාධ්‍ය අමතමින් උන්වහන්සේ පැවසුවේ නාගදීපයේ නම නයිනතිව් වුවහොත් කොළඹ ප‍්‍රදේශයේ එක දෙමළ නමක්වත් ප‍්‍රදර්ශනය කිරීමට ඉඩ නොතබන බවයි.