මුස්ලිම් අන්තවාදීන් වෙත එක් දිනක් තුළ ගුවන් ප‍්‍රහාර 206ක්

පසුගියදා ඊජිප්තුවේ සිනායි අර්ධද්වීපයට ඇද වැටුණු රුසියානු මගී ප‍්‍රවාහන ගුවන් යානාව අනතුරට පත්වීමට හේතුව ත‍්‍රස්තවාදී ක‍්‍රියාවක් බවට නිවේදනය කරනු ලැබූ දිනය තුළ රුසියානු ප‍්‍රහාරක යානා විසින් සිරියාවේ ISIS ඉලක්ක 207කට ගුවන් ප‍්‍රහාර එල්ල කර ඇතැයි වාර්තා වේ.

රුසියානු ආරක්‍ෂක අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ මේ සඳහා ප‍්‍රහාරක පියාසැරි 127ක් සිදුකළ බවයි. මෙම දැවැන්ත ගුවන් මෙහෙයුම සඳහා ලටාකියාහි රඳවා ඇති ප‍්‍රහාරක යානා වලට අමතරව රුසියාවේ සිට ගුවන් ගත කරනු ලැබූ දිගු දුර උපායමාර්ගික ප‍්‍රහාරක යානාද සහභාගී වූ බව පැවසේ.

TU-22M3, TU-95MC සහ TU-160 වැනි උපායමාර්ගික ප‍්‍රහාරක යානා මින් පෙර රුසියාව සතු න්‍යෂ්ටික අවි බලය විදහා පෑම සඳහා යොදාගනු ලැබූ අතර ඒවා සාම්ප‍්‍රදායික යුධ අවි භාවිතා කරන ප‍්‍රහාරයකදී භාවිතා කරගැනීම රුසියානු මිලිටරි උපක‍්‍රම වල පෙරළියක් ලෙස සැලකේ.

මේ අතර රුසියාව විසින් 2012දී සේවයට එක් කළ KR KH ණය 101/102 ගුවනේ සිට ගොඩබිමට එල්ල කරන මිසයිලය ප‍්‍රහාරයක් සඳහා භාවිතා කළ මුල්ම අවස්ථාවද මෙය වේ.

සිනායි අනතුර රුසියානු ජීවිත විශාල ප‍්‍රමාණයක් අහිමිවූ ඉතාමත් විනාශකාරී ක‍්‍රියාවක් වන අතර ඒ පිළීබඳ කඳුළු සැලීම වෙනුවට ඊට වගකිව යුත්තන්ට දඬුවම් දීම සඳහා රුසියාව කටයුතු කරන බව ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා තිබේ.

පැරිස් ප‍්‍රහාරයෙන් පසු ඇමරිකාවද ගුවන් ප‍්‍රහාර උත්සන්න කර ඇති අතර ඔවුන් විසින් මෙම දිනයේදී පියාසැරි 20කින් ඉලක්ක 14කට පහරදී ඇත.

cxd