දුම් සහතිකයේ කොමිස් කතාව පිටුපස – වැගපිටිය හේෂාන් චම්පික

යහපාලන ආණ්ඩුව හැදීමට කැප වී ක්‍රියාකළ ක්‍රිෂාන්ත කුරේ හා තුසිත හල්ලොලුව යන වචනයේ පරිසමාප්තයෙන්ම මහත්වරුන් අධ්‍යක්ෂක මණ්ඩල වලින් ඉවත්කර දූෂිත ලාෆ්  වෑගපිටිය ටෙලිකොම් සමාගමේ අධ්‍යක්ෂක  මණ්ඩලයට පත්කරගැනීමේ පිටුපස වෑගපිටියගේ දුම් සහතික කොමිස් කෙරුවාව ගැන හෙළිකොට දිනක් ගත වෙත්ම එය වැඩි  දුරටත් තහවුරු කරමින් මෙවර අයවැයෙන් මෝටර් රථ දුම් සහතිකය සදහා මෙතෙක් අය  කල රුපියල් 1200 ක පමණ සාමාන්‍යයක් වූ  මුදල රුපියල් 5000 දක්වා වැඩි කොට තිබේ.

පසුගිය රාජපක්ෂ රෙජීම  පාලන  කාලයේ සිට ඉන් සියයට 5 % ක් ගියේ රාජපක්ෂ බේබිලාගේ අතට ය. දැන් එය 10% ක් වී සම්පුර්න මුදල වන රුපියල් ලක්ෂ 54000 න් ලක්ෂ 5400 ක් හෙවත් කෝටි 54ක් යන්නේ කා අතටද..?  ඒ මදිවාට රුපියල් 1200 ක මුදල රුපියල් 5000 ක් ලෙස වැඩිකිරීමට මෙවර අයවැය යෝජනාවට ඇතුලු කර ඇත.

මෙම දුම් සහතිකයේ අතීත කතාව මෙසේය.

වාහන දුමෙන් හානි සිදුවනවා කියා කිසියම් සාමාන්‍ය පුද්ගලයෙකු යොදවා අංක SC/569/98 දරණ මූලික අයිතිවාසිකම් නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරනයේ පවරන්නේ ය. ඒ පවරන්නේම මෙම මහා ධන උල්පත දෙස බලා සිටින පුද්ගලයන්ම ය. එහිදී එවක කුප්‍රකට අගවිනිසුරු සරත් නන්ද සිල්වා මේ සඳහා සුදුසු ක්‍රමවේදයක් යෝජනා කරන්නැයි පරිසර අමාත්‍යාංශයට සහ මෝටර් රථ දෙපාර්තමේන්තුවට කියන අතර එම ආයතන ගෙන එන ක්‍රමවේදය මෙකී දුම් සහතික ජාවාරමයි. පුදුමය නම් මෙම දුම් සහතික නිකුත් කිරීම ආණ්ඩුව කරනවා වෙනුවට එය පවරන්නේ වෑගපිටියගේ ලාෆ් එකෝ ශ්‍රී ලංකා සමාගමට සහ අක්බාර් බ්‍රදර්ස්ලාගේ ක්ලෙන්කෝ ලංකා සමාගමට වීමය. ඔවුන් මේ සඳහා ප්‍රාග් ධනය ලෙස වියදම් කර ඇත්තේ එක් සමාගමක් රුපියල් මිලියන 400 ත් 500 ත් අතර ප්‍රමාණයක් පමණි. නමුත් එක් වසරක ආදායම පමණක් මිලියන 5000 ට වැඩිය. මෙයින් ආණ්ඩුවට ලැබෙන්නේ 10% ක සොච්චම් ආදායමක් පමණක් යැයි කීවහොත් පිලිගත හැකිද? නමුත් සත්‍ය එයයි. අනෙක් 90% ම යන්නේ මෙකී පුද්ගලික සමාගම් දෙකට ය. හරිනම් සිදුවිය යුත්තේ මෙහි අනෙක් පැත්තයි. සියයට 90 ක් ආණ්ඩුවට හෙවත් මහජනයා අතට ගොස් සමාගම් වලට සියයට 10 ක් ලැබීමයි. මෙහිදී වඩා පුළුල් සමාගම වෑගපිටියගේ සමාගමයි. සත්‍ය වශයෙන්ම කිවහොත් මේ මහා ධනස්කන්ධය වක්‍රව යන්නේ දේශපාලනඥයන්ගේ අතට ය. පසුගිය රෙජීම සමයේ එය රාජපක්ෂ රෙජීමය විසින් ලබා ගත් අතර හිටපු පරිසර ඇමැති චම්පික රණවක අතටද හොඳ ගානක් ගිය බව දන්නෝ පැහැදිලිවම දනිති.

එසේ වී තිබියදී මෙලෙස රු. 1200 ක පමණ සාමාන්‍යයක් වූ මුදල රුපියල් 5000 ක් කළ විට එය කෙතරම් අසාධාරණ වැඩි කිරීමක්ද? මෙම මුදල අය වැයෙන් පැනවූ බද්දක් නොවේ. බදු මුදලක් නම් එය මහා භාණ්ඩාගාරයට ගියද මෙය බදු මුදලක් නොව අමු අමුවේම පෙර කී කොම්පැනි වල ගාස්තුව ඉහල දැමීමකි. මේ ඉහල දැමූ රුපියල් 5000 න් රජයට ලැබෙන්නේ රුපියල් 500 ක් වැනි සියයට 10 ක් පමනි. ඉතිරි 4500 ම දැනටත් යන්නේ වෑගපිටිය හරහා චම්පික රණවක ඇතුළු ඔහුගේ නව කොටස් කරුවන් අතටය.

මෙය නිවැරදි කරනවා නම් කළ යුත්තේ වාහනයක් වරායෙන් පිටතට පැමිණි අවස්ථාවේ සිට සියළු බදු මුදල් අයකරන පළාත් සභාවටම මෙය බදු ආදායමක් ලෙස පරිවර්තනය කර ලැබීමට සැලැස්වීම ය. ජනතාව යම් බද්දක් ගෙවන්නේ නම් එහි ප්‍රතිලාභය යලි ජනතාවටම ලැබිය යුතුවා මිස කොහේවත් සිටින වෑගපිටියට හෝ අක්බාර්ට හෝ ඒ හරහා ජනතා මුදල් සූරාකන චම්පිකලා වැන්න වුන්ට නොවේ.

මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමන් විසින් කළ යුතුව තිබුනේ මෙරට සූර්ය බලශක්‌ති ක්‍රම උදෙසා  ආනයන බදු ඉවත් කිරීමත් විදුලි මෝටර් රථ සඳහා බදු ඉවත් කොට මෙරට පරිසරයේ වායු දුෂණය වැළක්වීමේ මුලීක පියවර තැබීමත්ය. උදාහරණයකට  නිසාන් සමාගමේ Leaf 100% විදුළි මෝටර් රථය ජනවාරි 8 දාට ප්‍රථම මිල වුයේ රුපියල් ලක්ෂ 22 කි . අද වන විට අවම මිල ලක්ෂ 34 ත් 42 ත් අතර ඉහල මිලකට පත්ව ඇත.

අවශ්‍යනම් මෙය ඉන්ධන ධාරිතාව අනුව හා වාහනයේ ඉන්ධන විමෝචනය වන අන්දම අනුව වෙනස් කළ හැකිය. උදාහරණයකට  ඉන්ධන ධාරිතාව 2000 cc  රථවලට මෙය අය කළද කම් නැත. මක් නිසාද යත් එවැනි වාහන හිමිකරුවන්ට කප්පම් මුදල ගෙවීමේ හැකියාවක් ඇත. 2000cc වලින් ඉහල රථවාහන වල මිලද ඉහල බැවින් එවැනි මෝටර් රථයක් මිලදී ගන්නෙකුට මේ මුදල ගැටළුවක් විය නොහැක. මේ අතර ඉන්ධන  ධාරිතාව 3000cc හා ඊට වැඩි මෝටර් රථ වලට රුපියල් 10,000 කළ ද ගැටළුවක් නැත. උදාහරණයකට Toyota  Land crusher වර්ගයේ මෝටර් රථයක් ජපානයේ භාවිත කළ එකක් වුවද මිල රුපියල් මිලියන 15 ක් පමණ වෙයි. එවැනි මුදල් හදල් ඇති අයට මෙම කප්පම් මුදල මෙන් දෙගුණයක් වුවද ගෙවිය හැක. නමුත්  ඉතා අමාරුවෙන් මිලදී ගත් මිල අඩු වාහන හිමියන් ගෙන් චම්පිකලා, වෑගපිටියලා මෙසේ අහස පොලොව නුහුලනා කප්පම් මුදල් ඉල්ලීම හෙණ ගහන අපරාධයකි.

මෙපමනක්ද නොවේ,..

වැගපිටියට හා හේෂාන් සිල්වා යන අය රටේ අහිංසක මිනිසුන්ගේ මුදලින් යැපෙමින් ආණ්ඩුවේ ප්‍රබල ඇසුරක සෙවන ලබමින් සිදු කරන හා කිරීමට සැලසුම් කරන දුෂිත කාර්යන් පිළිබඳව colombo Journal අවදියෙන් සිටින බව මතක් කරමු. දේශපාලන හෙන්චයියන් වූ පමණින්ම වැගපිටිය හා හේෂාන් සිල්වා ටෙලිකොම් සමාගමේ ඉහල පුටු වලට පත්වන්නේ ලාංකීය දේශපාලනයෙන් පසුගිය ජනවාරි 08 වැනිදා ජනතාව විසින් අතුගා දැමු දුෂිත පාලනය තවදුරටත් අතු ඉතිදා වැඩෙන බවට ඉඟි කරමිනි.

යහපාලනය  ආණ්ඩුවේ හෝ දුෂිතයන් රජයන්නට අප ඉඩ නොදෙමු. නුදුරේදීම වැගපිටියලාගේ හා හේෂාන් සිලවාලගේ මෙන්ම අමාත්‍ය චම්පිකලාගේ මෙවන් දුෂණ සාක්ෂි සහිතවම Colombo Journal තුලින් හෙළි කිරීමට සුදානම්ය. 

සම්බන්ධිතයි – http://www.lankaenews.com/