මහේල ඇමරිකාවට ක්‍රිකට් උගන්වයි.

ඇමරිකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ජනප්‍රිය කරවීම සඳහා එරට ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් සහභාගිවන තරඟ තවදුරටත් අවශ්‍ය බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු වන මහේල ජයවර්ධන පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ ඇමරිකාවේ පසුගියදා පැවති සුපිරි තරු ක්‍රිකට් තරඟාවලියෙන් අනතුරුවයි. මෙම තරඟාවලිය සඳහා සචින් තෙන්ඩුල්කාර්ගේ සහ ෂේන් වෝන්ගේ නායකත්වයෙන් කණ්ඩායම් දෙකක් තරඟ වැදුනු අතර, ලොව පුරා සුපිරි ක්‍රිකට් තරු ඊට එක්වුණා. මෙහිදී මහේල වැඩිදුරටත් කියා සිටියේ ඉදිරියේදී ඇමරිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම යළි ක්‍රීඩා කළ යුතු බවයි. මෙම සුපිරි තරු ක්‍රිකට් තරඟාවලිය සඳහා මහේල ජයවර්ධන සහ කුමාර සංගක්කාරද එක්ව සිටියා.