වාහන මිල කැපී පෙනෙන ලෙස ඉහලට

මෙවර අයවැයෙන් සිදුකෙරුණු බදු සංශෝධන අනුව බොහෝ වාහනවල මිල කැපී පෙනෙන ලෙස වැඩිවන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ මහතා කියා සිටියේ ඉලෙක්ටි‍්‍රක් සහ හයිබි‍්‍රඞ් මෝටර් රථවල ද, වෑන් රථවල ද මිල වඩාත් වැඩි ප‍්‍රතිශතයකින් වැඩිවන බවයි.

ඒ අනුව විද්‍යුත් මෝටර් රථයක් රුපියල් ලක්ෂ 25 කින්, හයිබි‍්‍රඩ් රථයක් රුපියල් ලක්ෂ 4 කින් ,මිනි කැබ් රථයක් රුපියල් ලක්ෂ 10 කින් ,මරුති රථයක් ලක්ෂ 2කින් හා ත‍්‍රිරෝධ රථයක් රුපියල් ලක්ෂයකින් පමණ ඉහල යාමට නියමිතයි.

මෙම යෝජනා පිළිබඳ ඉදිරියේදී මුදල් අමාත්‍යවරයා සමග සාකච්ඡා කරන බවද විශේෂයෙන්ම වෑන් රථ වැනි සුලභ ලෙස භාවිත කෙරෙන වාහනවල බදු අඩුකර ගැනීමට උත්සහ කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මේ අතර පරිසර හිතකාමී වාහන සඳහා නිෂ්පාදන බද්ද සියයට 2යි දශම 5ක් දක්වා අඩු කිරීමට අයවැයෙන් තීරණය කර තිබුණා. පරිසර හිතකාමී වාහන පිළිබඳව අයවැය වාර්තාවේ මෙසේ සඳහන් කර තිබුනා.

vv