වර්ණසිංහ කියන ජාතික හෙල උරුමයේ ගොසිප්

පසුගිය  අගහරුවාදා සවස බත්තරමුල්ල පිහිටි ජාතික හෙළ උරුම පක්ෂ මුලස්ථානයේ දී මධ්‍යම කාරක සභාව පැවති අතර පක්ෂ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියන් පුද්ගලික සංචාරයක් සඳහා ඇමරිකාවට වැඩම වීම  නිසා මුලසුන දරණ ලද්දේ පුජ්‍ය රන්පත්විල විමලරතන නා හිමියන් විසිනි.

මුලින්ම අවධානය යොමු කරන ලද්දේ සර්ව පාක්ෂික සමුළුව සම්බන්ධවයි. එහි දි චම්පික රණවක අමාත්‍යතුමා කියා සිටියේ පක්ෂය නියෝජනය කරමින් නියොජ්‍ය ලේකම් කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් මහතා ඒ සඳහා සහභාගි වන බවයි. දෙමුහුන් අධිකරණය සම්බන්ධව කරුණු දැක් වූ අමාත්‍යතුමා දැනට සත්‍ය ගවේෂණ සභාව හා කරුණා සභාව වශයෙන් කොමිෂන් දෙකක් පිහිටුවන්න යෝජනා කර ඇති අතර මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් පත් කරන ලද උදලාගම හා  පරණගම කොමිෂම මගින් නිර්දේශිත තොරතුරු සත්‍යගවේෂණ සභාවෙන් සිදු කරන්නේ කරුණු විමර්ශණය කිරීමක් පමණක් බවත්  ආගමික නායකයන්ගෙන් සැදුම් ලත් කරුණා සභාවෙන් සිදු කරන්නේ සත්‍යගවේෂණ සභාවෙන් මතු කරන ලද කාරණා සම්බන්ධව වැරැදිකරුවන්ට පාපෝච්චාරණය කිරිමට අවස්ථාව ලබාදීම පමණක් බව සඳහන් කළේය. අපි හිතමු උදාහරණයක් ලෙස ලක්ෂමන් කදිරගාමර් හිටපු විදේශ අමාත්‍යවරයා  ඝාතනය කල එල්.ටී.ටී.ඊ සාමාජිකයා තමන්ට එසේ සිදු කරන්න සිදු වුයේ තමන්ට හා පවුලේ අයට විදේශ රටක ජීවත් වීමට අවශ්‍ය සියළු පහසුකම් එල්.ටී.ටී.ඊ සංවිධානයේ  මුදලින් සිදු කරන බවට වු පොරොන්දුව නිසා බවයි. මේ කාරණය කරුණා සභාව ඉදිරියේ පාපොච්චාරණය කරන්න පුළුවන්,

හැඩිගල්ලේ විමලසාර හිමි  ප්‍රකාශ කර සිටියේ එල්.ටී.ටී.ඊ සාමාජිකයන් 11000ක් නිදහස් කලේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මගින් බවයි. එහි දී ‘ඔව්, හාමුදුරුවනේ, දැන් ඉන්න ඔය කෑගහන අයට ඒවා අමතකයි. ඔය දරුණුගනේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් නිදහස් කරනවා නම් හමුදාවේ ඉන්න 4000 ක් පමණ අයත් කිසිදු වග වීමකින් තොරව නිදහස් කරන්න ඕනෑ යම් විදියකින් අපගේ හමුදාවේ අයට දඬුවම් දෙන්නේ නම් අර නිදහස් කරන ලද දහතුන්දහසක් වන එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ට අධිකරණ ක්‍රියාදාමයකින් පසුව දඬුවම් දිය යුතුයි.

ඉදිරියේ දි පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ඊට පෙර පත්කරන ලද කමිටු වාර්තා එහි සභාපති බුදුගල ජිනවංස හිමියන් ඉදිරිපත් කරමින් කියා සිටියේ පළාත් පාලන මැතිවරණය පැවැත්විමට ආණ්ඩුවට හෝ ඔය කියා ගන්නා ඒකාබද්ධ විපක්ෂයට ඕනැ කමක් නැත. කෙසේ වුවද අප මේ සඳහා විධිමත් ලෙස සුදානම් විය යුතු බව කියා සිටි අතර දැනට අප පක්ෂයේ ලංකාව පුරා සිටින සංවිධායකවරුන් හරහා අයදුම්පත් කැඳවා ඇති අතර ඊට අමතරව ද ජාතික හෙළ උරුමය හා බැඳී කටයුතු කිරිමට කැමැති අපේක්ෂකයන් විශාල පිරිසක් පක්ෂ මුලස්ථානයට සෘජුවම අයදුම්පත් යොමු  කර ඇති බවද කියා සිටියහ.

-නිශාන්ත ශ්‍රී වර්ණසිංහ-

 

කර්තෘ සටහන:

වර්ණසිංහගේ මෙම ගොසිප් සටහනේ රතන හිමියන් ගැන එකදු වචනයක් හෝ සඳහන්ව නොතිබීම විශේෂය.

 

lankaenews