ISIS මුස්ලිම් අන්තවාදීන්ට රුසියාවෙන් බරපතල ප‍්‍රහාරයක්

රුසියානු ප‍්‍රහාරක යානා විසින් එල්ල කළ ප‍්‍රහාරවලින් දින 5ක් තුළ ISIS සංවිධානය ඛනිජ තෙල් ප‍්‍රවාහනය කළ තෙල් බවුසර 1000ක් විනාශ කර දමා ඇතැයි වාර්තා වේ.

පසුගිය දින 2 තුළ පමණක් රුසියානු යානා විසින් පහරදුන් ISIS ඉලක්ක සංඛ්‍යාව 472කි.

මේ සඳහා රුසියානු ගුවන් නියමුවන් විසින් ප‍්‍රහාරක පියාසැරි 141ක් සිදුකර ඇතැයි පැවසේ.

රුසියානු ආරක්‍ෂක අමාත්‍යාංශයේ ප‍්‍රකාශක මේජර් ජෙනරාල් ඉගෝර් කොනෂෙන්කොව් පවසා ඇත්තේ සියලූම යානා යළි ක්මෙයිමිම් ගුවන් කඳවුරට පැමිණි බවයි.

මේ අතර ISIS අගනුවර ලෙස හැඳින්වෙන රක්කා නගරයට කිලෝමීටර් 15ක් නිරිතදිගින් පිහිටා තිබූ තෙල් ගබඩාවක්ද විනාශ කර ඇතැයි ඔහු පවසා තිබේ.

රුසියානු ප‍්‍රහාරක යානා විසින් ඛනිජ තෙල් මාෆියාව විනාශ කිරීම ඉලක්ක කරගත් ප‍්‍රහාර ගණනාවක් දියත් කර ඇති අතර රක්කා නගරයෙන් කිලෝමීටර් 50ක් දකුණු දෙසින් පිහිටා තිබූ විසින් පාලනය කළ තෙල් පිරිපහදුවක්ද සම්පූර්ණයෙන් විනාශ කර දමා ඇතැයි වාර්තා වේ.

සිරියානු ජනාධිපති බෂාර් අසාද්ගෙන් ලැබුණු නිල ආරාධනාවක් මත රුසියාව විසින් සිරියාව තුළ ගුවන් මෙහෙයුම් ආරම්භ කළ අතර ඒ සඳහා ප‍්‍රහාරක යානා සහ හෙලිකොප්ටර 50කට අධික ප‍්‍රමාණයක් සහභාගී විය.