දත් දොස්තරගේ BLUE OCEAN FISHERY මගඩිය

රාජිත සේනාරත්නගේ ජීවිතය තුල ඔහුට නොකරම බැරි දෙය හොරකමයි.දේශපාලන ගෙම්බෙක් ලෙස බොහෝ දෙනා කතා කරන රාජිත සේනාරත්න සිදු කල  BLUE OCEAN FISHERY (PRIVATE) LIMITED මගඩිය පිළිබදව තොරතුරු රෑසක් අපට අනාවරණය විය.

ලංකාවට විශාල විදේශ විනිමයක් ලබා ගැනීමට හැකියාවක් තිබු ව්‍යාපාර තමන්වෙත ලබා ගෑනීමේ දෑඩි ආශාවකින් පෙලුන දත් දොස්තර රාජිත  BLUE OCEAN FISHERY (PRIVATE) LIMITED සමාගමක් පිහිටවා සිදු කල මහා පරිමාණ වංචාව අප ඔබට මෙසේ හෙළි කරන්නෙමු.

දිගු කාලයක් රාජ්‍ය සේවයේ යෙදී සිටි පුද්ගලයෙකු වන ජමල්ඩීන් මොහොමඩ් 2007 සිට 2009 දක්වා කාලය තුල sport jellyfish නම් මාලු වර්ගය ලංකාවේ සිට චීන රටට අපනයනය කීරීමේ ව්‍යාපාරයක් සිදු කලා.

ඔහු මේ ව්‍යාපාරය මගින් ලංකාවට සැලකිය යුතු තරමේ විදේශ විනිමය ප්‍රමාණයක් ලබා දී තිබුනේ එයින් ලැබුණු ලාභය නිසායි. ජමාල්ඩීන් මොහොමඩ් මේ ව්‍යාපාරය තුළින් ගොඩ නගාගත් සම්බ්නධතාවයන් උපයෝගී කරගෙන 2011 වර්ෂයේ ව්‍යාපාරයක් ආරම්භ කරනවා. චීන සමාගමක් සමග ආරම්භ කරන මේ නව ව්‍යාපාරයේ නම SHANDONG XINFA FISHERY GROUP CO.LTD

ජමාල්ඩීන් මොහොමඩ්ට චීන සමාගම නෑව් 50ක් ණයට ලබා දීමට එකග වුන අතර එයින් නෑව් 02ක් ඔහු ලංකාවට ගෙනවිත් ලංකාව තුළ ලියාපදිංචි කිරීම සිදු කරනවා.

ජමාල්ඩීන් මොහොමඩ් චීන සමාගමේ නියෝජිතයින් පිරිසක් සමග දත් දොස්තර රාජිතව හමුවීමට යන්නේ එවකට සිටි ධීවර ඇමතිතුමා ඔහු නිසා. නරියාට කුකුල්ලු භාර දුන් විට සිදු වන දේ  අසන්නට වුවමනාවක් නෑනේ.. දතාට මේ සම්බන්ධයෙන් ජමාල්ඩීන් විස්තර සහිතව පවසද්දී දත් දොස්තර රාජිත මුව දෙපසින් කෙල වගුරවමින් පවසා ඈත්තේ ජමාල්ඩීන් මමත් ඔය වගේ වෑඩක් කරන්න හිටියා සවුදි අරාබියාව සමග ඒත් හරිගියේ නෑ. හරිම හොදයි ජමාල්ඩීන් ඔයා මේක කරන්න. දත් දොස්තර මුවින් මෙලෙස කියා සිටියේ ජමාල්ඩීන් කරන මේ ව්‍යාපාරය හරහා ලබා ගත හෑකි ලාභය පිළිබදව දතාට නැගුන නිසාය.

ලංකාව තුල සිටින ව්‍යාපාරිකයින්ගේ වඩා ලාබ ලබන ව්‍යාපාර වලින් කප්පම් ගැනීම හෝ එම ව්‍යාපාරයන් තමන් සතු කර ගෑනීම දත් දොස්තර රාජිත රාජ්‍ය බලය ලෑබුණ හෑම විටම සිදුකල දෙයකි.

ජමාල්ඩීන් සිතේ බලාපොරොත්තු පුරවාගෙන සිය ව්‍යාපාර සිදු කිරීමට සුදානම් වුනත් පෙරේත තට්ටුව පිළිබදව දත් දොස්තර රාජිත බලාපොරොත්තු තබා ගෙන සිටින්නට ඈත. දත් දොස්තර රාජිත සේනාරත්නට පෙරේත තට්ටුව ලබා ගෑනීමට වඩා මේ ව්‍යාපාරය තමන් සතු කර ගෑනීමට සිත්පහල විය.

ඔහු ඒ සදහා ක්‍රියාත්මක වුනේ ජමාල්ඩීන් ගේ සමාගම සතු නාවික යාත්‍රා දෙකක් බොරු චෝදනා මත නාවික හමුදාවට අත්අඩංගුවට ගන්නා ලෙස දෑනුම් දීමෙනුයි. මෙලෙස සාර්ථක ලෙස රටට විදේශ විනිමය ලබා ගැනීමට හැකියාව තිබු මෙම ව්‍යාපාරය දත් දොස්තර තමන් සතු කර ගෑනීම සදහා කටයුතු ආරම්භ කරන ලදී. තහනම් මුහුදු ප්‍රදේශ වලට ඇතුලු වීම යන බොරු චෝදනාවන්ට ලක් කර නාවික හමුදා අත්අඩංගුවට ගෑනීමෙන් පසු නාවික යාත්‍රා නිදහස් කර ගැනීමට ජමාල්ඩීන් අධිකරණයේ පිහිට පැතීමට සිදුවිය.

දත් දොස්තර රාජිත තමන්ගේ කටේ පෙරෙන කෙල පිහිදමින් ජමාල්ඩීන්ට මේ ව්‍යාපාරය තවදුරටත් සිදු කරගෙන යා නොහෑකි බවත් මේ ව්‍යාපාරය ඉදිරියට කරගෙන යාමට අවශ්‍ය නම් චීන සමාගමට තමන් සමග ගිවිසුමකට එළඹෙන ලෙසත් දෑනුම් දී ඈත.

රාජිත සේනාරත්න එවකට බලයේ සිටි ධීවර ඈමති නිසා චීන සමාගම ජමාල්ඩීන්ට පවසා ඈත්තේ තමන්ට ඔහු සමග වෑඩ කිරීමට සිදුවන බවයි.

ලංකාවට දියුණු ආර්ථික තත්ත්වයක් ලබා ගෑනීමට නොහැකිව ඈත්තේ මෙවෑනි දේශපාලකයින් නිසාය. ජමාල්ඩීන්ගෙන් උදුරාගත් මේ ව්‍යාපාරය එවකට රාජිත සේනාරත්නගේ සම්බන්ධීකරණ ලේකම්ද එකතු කරගෙන  BLUE OCEAN FISHERY (PRIVATE) LIMITED නම් සමාගමක් පිහිටුවා ඒ ව්‍යාපාරය දත් දොස්තර  කරගෙන යන ලදී. ජමාල්ඩින් වැනි ව්‍යාපාරිකයින් දෑඩි සේ උත්සාහයන් දරා විදේශ රටවල් සමග සම්බන්ධතා ඈති කරගෙන ආරම්භ කරන ව්‍යාපාර වලින් රටට සෙතක් සලසා ගෑනීමට නොහෑකිව ඈත්තේ දත්දොස්ස්තරලාගේ මෙවන් වෑඩ පිලිවෙල නිසාය.

ජමාල්ඩීන් තමන්ට සිදුවු අසාධාරණය පිළිබදව වාණිජ අධිකරණ්යේ නඩුවක් ගොනු කිරීමෙන් පසුව අනුරාධ සෙනවිරත්න  BLUE OCEAN FISHERY (PRIVATE) LIMITED සමාගමේ අධයක්ෂ මණ්ඩලයෙන් ඉවත්ව එම සමාගම සම්පුර්ණ වශයෙන් චීන සමාගමට ලබාදීමට සිදු විය.

දත් දොස්තරගේ තණ්හාව නිසා රටට විදේශවිනිමය ලෙස ලෑබෙන මුදල් ඔහුගේ සාක්කුවට දමා ගෑනීම මහින්ද යුගයේ සිටම දත් දොස්තර සිදු කලේ මෙලෙසයි.

ජමාල්ඩීන් මොහොමඩ් මේ ව්‍යාපාරය දිගටම සිදු කලේ නම් රිජු රෑකියා අවස්තා 1000 , ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 625 ආදායමක් , හිමිවීමට තිබුනත් ඒ සියල්ල නොලෑබීයාමට හේතුව දත්දොස්තර රාජිතයි.

ජන්මෙට වඩා පුරුද්ද ලොකු බව දත් දොස්තර රාජිත දිගින් දිගටම කරන මෙවන් මගෝඩි වෑඩ තුලින් හොදින්ම පෑහෑදිලිවේ.ඈවන්ගාඩ් වලින්ද ලොකු මුදල් කුට්ටි ලබා ගෑනීමේ තන්හාවෙන් පෙලුන රාජිත තමන්ට එය ලබා නොදීම නිසා යහ පාලනය තුලද ලොකුවට බකට් පෙරලමින් හඩ නෑගීය.

ජමාල්ඩීන් මොහොමඩ් මෙලෙස දත් දොස්තරගේ පෙරේත දතට හසුවී ඈති එක් වියාපාරිකයෙක් පමණයි.මෙවන් දත් දොස්තරලා රටක පාලන බලය හිමි දේශපාලණ පක්ෂයක තනතුරු දෑරීම ලොකු අනතුරක් බවද සදහන් කල යුතුය.

අප කළ මේ හෙලිදරව්ට අදාළ සාක්ෂි මෙසේ ඉදිරිපත් කරමු. දත් දොස්තර රාජිත දතකට පුට්ටු කරගෙන මේ ලිපිය කියවා සිදු කළ වංචා සිහිපත් කර ගන්න. අපි ඉදිරියේ ඒවා හෙළිදරව් කිරීමට සුදානම්. සෞඛ්‍ය අමාත්‍යාංශය සමග දූෂිත ගණුදෙණුවල යෙදී අධිකරණයෙන් වරදකරු වී පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් නෙරපනු ලැබූ ලංකාවේ (දූෂිතයෙකු ලෙස අධිකරණයෙන්ම නිළ මුද්‍රව තැබූ) එකම දේශපාලකයාද රාජිත සේනාරත්න බවද සදහන් කළ යුතුය.

 

scan0001 scan0002 scan0003 scan0004 scan0005 scan0006