ඉතින් කොහොමද නදීෂා
බොහොම හොඳින් ජීවත් වෙනවා
දැන් පොඩි නිහැඩියාවක් දක්නට ලැබෙනවා?
නිහඬ නැහැ. මගෙ කලා කටයුතුයි දේශපාලන කටයුතුයි ඒ විදියටම කෙරෙනවා.
මොනවාද අලුත්ම තොරතුරු
“මල් කැකුළක් ඉකි බින්දා” ඩී.වී.ඩී. චිත්‍රපටයේ රඟපානවා. “එමලි” චිත්‍රපටය සඳහා සටන් පුහුණුවීම්වල යෙදෙනවා.
“මල් කැකුළක් ඉකි බින්දා” චිත්‍ර කතාවක් වගේම ටෙලි නාට්‍යයක් විදියටත් අප දැක තිබෙනවා.
ඒ නිර්මාණය තමයි අලුතින්ම කෙරෙන්නේ. මේ නිර්මාණයේ ප්‍රධාන කාන්තා චරිතය (කුඩා දරුවගේ මව) විදියට රඟපාන්නේ මම.
එමලි චිත්‍රපටය සඳහා සටන් පුහුණු වන්නේ ඔබ එහි රඟපාන්නේ මොන වගේ චරිතයක්ද?
ඒක අද්භූත කතාවක්. හොල්මන් අවතාර එහි ඇතුළත්. මම ඒ චිත්‍රපටයෙ රඟපාන්නේ වෙනස් විදියේ චරිතයක්. වැඩිපුර තොරතුරු චිත්‍රපටය නරඹලාම දැනගන්න පුළුවනි.
දේශපාලන ලෝකය තුළ නදීෂා ගැන කතා බහක් නෑනෙ?
මම ගාලු දිස්ත්‍රික්කයේ සංවිධායක විදියට සුපුරුදු විදියටම කටයුතු කරගෙන යනවා.
ඒත් පහුගිය කාලෙ නම් දේශපාලන කරළිය තුළ නදීෂා ආන්දෝලනාත්මක චරිතයක් වුණා.
මම නිහඬව මගෙ කටයුතු කරගෙන යනවා. ඒ ඇති. ආන්දෝලනාත්මක කතා කියන්න ආන්දෝලනාත්මක චරිතයක් වෙන්න මට අවශ්‍ය නැහැ.
නිළියක් විදියට දක්ෂතා මතුකළ නදීෂා ඉන්පසු ටෙලිනාට්‍ය නිෂ්පාදනයටත් යොමුවුණා.
මගේ “රීල් ඇන්ඩ් ට්‍රැක්” ආයතනය හරහා තමයි “ඇත්කඳ ලිහිණියා” ටෙලි නාට්‍යය කළේ. ඉදිරියේදී මම තවත් නිර්මාණයක් කරන්නට හිතාගෙන ඉන්නේ.
ටෙලි නාට්‍යයක්ද චිත්‍රපටයක්ද?
චිත්‍රපටයක් කිරීමේ අදහස තමයි තියෙන්නේ.
එය මොන ආකාරයේ චිත්‍රපටයක්ද?
කලාත්මක නිර්මාණයක්ද, වාණිජ චිත්‍රපටයක්ද කියලා වර්ගීකරණයක් නම් නැහැ. මොන විදියේ නිර්මාණයක් වුණත් ප්‍රබල කතාවක් වෙයි.
මේ සියල්ල මැද ජීවිතය තනියම ගෙවිලා යනවා.
කවුද එහෙම කියන්නේ මම තනිවෙලා නැහැ. මා වටා මගෙ නෑදෑ හිතවත් හැමෝම ඉන්නවා.
කවුරුන් හිටියත් ආදරේ කරන කෙනෙක් ජීවිතයට අවශ්‍යයි.
මටත් එහෙම කෙනෙක් ඉන්නවා.
ඒ කවුද කියලා දැනගන්න නදීෂාගේ රසික හිතවතුන් කැමති ඇති.
ඉදිරියේදී සියලු තොරතුරු කියන්නම්.
නම කියන්න බැරි නම් පුංචි ඉඟියක් කරන්න බැරිද?
(හිනැහී) එයාගෙ නමට අකුරු තුනක් තියෙනවා.
කලාවට සම්බන්ධ කෙනෙක්ද? දේශපාලනයට සම්බන්ධ කෙනෙක්ද?
ඔය හැමදේටම සම්බන්ධයි.
ජනප්‍රිය චරිතයක්ද?
(හිනැහී) එහෙම කිව්වත් වැරදි නැහැ.
ඉතින් කවද්ද විවාහය සිදුවන්නේ?
හෙට වෙන්නත් පුළුවන් තව වසර ගණනක් වන්නත් පුළුවන්.
දෙගිඩියාවෙන් කතා කරන්නේ, නදීෂාගේ ජීවිතයේ අරමුණු ඉලක්ක නැද්ද?
තියෙනවා.
මොකක්ද නදීෂාගේ ජීවිතේ තියෙන ලොකුම අරමුණ?
(හිනැහී) තව අවුරුදු දෙක තුනක් යද්දී මගෙ බැංකු ගිණුමේ ලොකු ශේෂයක් දැකීම.
ආරියවංශ කුලතිලක