කුමාර් ගුණරත්නම් පැහැරගැනීම පිළිබදව හෙළි වු තතු

ප්‍රේමකුමාර් ගුනරත්නම් යනු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයාය. ගුනරත්නම්ව 2016 නොවැම්බර් 04 දා විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් රුවැන්වැල්ල පොලිස් වසමට අයත් ඔහුගේ මවගේ නිවසේ දී අත්අඩංගුවට ගත්හ. ඔහු අත්අඩංගුවට පත්වන්නේ ගුනරත්නම්ගේ මවගේ රෝගී තත්වය සොයා බැලීම සදහා ඇයගේ නිවසට ගොස් සිටියදීය. පසුව ඔහු බන්ධනාගාරගත කරන ලදී.
ගුනරත්නම්ව නොවැම්බර් 18දා නැවත අධිකරනයට ඉදිරිපත් කරන ලදුව නොවැම්බර් 27 දක්වා බන්ධනාගාරයේ තැබීමට කෑගල්ල මහේස්ත්‍රාත්වරයා නියම කළේය.
මාසික සංචාරක වීසාවක් මත පැමින එම කාලය ඉක්මවිමෙන් පසු නිතී විරෝධී ලෙස මෙරට රැදී සිටිම ඔහුට එරෙහිව ඉදිරිපත් නර ඇති චෝදනාවයි.
ගුනරත්නම් සංචාරක වීසාවක් මත මෙරටට පැමින ඇත්තේ 2015 ජනවාරි පළමුදාය. පසුගිය ජනාධිපතිවරනයට පෙරාතුවය. මාසික වීසාවකින් පැමින නිතී විරෝධී ලෙස මෙරටට රැදී සිටිම ඔහු අත්අඩංගුවට ගත් සැබෑ කාරනාව බව ආණ්ඩුව ප්‍රකාශ  කළත් එම කඩතුරාවට මුවාවී ගුනරත්න අත්අඩංගුවට ගෙන ඇත්තේ අධ්‍යාපන කප්පාදු එරෙහිව සිසු උද්ඝෝෂණ පැනනැගීමට සමගාමීවය.
පසුගිය ඔක්තෝම්බර් 29දා කොළඹ පැවැති ගණකාධීකාරී සිසුන් දහස්ගනකගේ සමකාමී විරෝධතා උද්ඝෝෂණයට පොලිසිය කදුළු ගැස්, ජල හා බැටන් ප්‍රහාර යොදාගෙන මෘග ප්‍රහාරයක්  එල්ල කළේය. එම ප්‍රහාරය නිසා සිසුන් 20 දෙනෙක් තුවාල ලැබු අතර සිසුන් 40 දෙනෙක් පමන අත්අඩංගුවට ගෙන පසුව පොලිස් ඇප මත මුදා හැරුණි.
විශ්වවිද්‍යාල සිසුන් එම පහරදීම හෙළාදකිමින් හා අධ්‍යාපන කප්පාදුව නතර කරන ලෙසට ආණ්ඩුවට බලකරමින්10.000 ක පමන සිසුන්ගේ පෙලපාලියක් පැවැත්විණ.එම විරෝධතා පාගමන කැදවා තිබුනේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසිනි. එම සංවිධානය පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අනුබද්ධිත සංවිධානයකි.
උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල නොවැම්බර් 03දා පාර්ලිමේන්තුවේ කතා කරමින් විශ්වවිද්‍යාල සිසුන් කුලප්පු කිරීම පිළිබද පිටස්තර බලවේග වලට චෝදනා කළේය. ඊට පසු දින ගුනරත්නම් අත්අඩංගුවට ගැනුණි.
ගුනරත්නම් අත්අඩංගුවට පත් වු පළමු අවස්ථාව මෙය නොවෙයි. ඔහු මෙරටට පැමිනියේ 2011 සැතැම්බර් මාසයේය. ගුනරත්නම් 2012 අප්‍රේල් 07දා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යටතේ ක්‍රියාත්මක වු මැර කණ්ඩායමක් විසින් කිරිබත්ගොඩ ඔහුගේ මිත්‍රයකු නිවසේ  රැදී සිටියදී පැහැර ගත්හ. එම දිනයේ පෙසපයේ හිටපු දේශපාලන මණ්ඩල සමාජිකා දිමුතු ආටිගල ගුනරත්නම්ට සමගාමීව පැහැර ගැනුණි.
ගුනරත්නම් පැහැර ගත් පිරිස් 2012 අප්‍රේල් 09දා සවස 6.30 ට කොළොන්නාව මීතොටමුල්ලට ගෙනැවිත් දමා කොළඹ අපරාධ කොට්ඨාශය කාර්යාලයට යන ලෙස ඔහුට තර්ජනය කර  තිබුණි. එදින සවස 8.30ට ඕස්ට්‍රෙලියානු තානාපති සී.සී.ඩී. කාර්යාලයට පැමින ඇති අතර පසු එම කාර්යාලයේ ජෙෂ්ඨ පොලිස් අධිකාරී රණවීර ගුනරත්තම්ව තානාපතිට බාර දී ඇත. ගුනරත්නම් ඕස්ට්‍රෙලියානු පුරවැසියකු බව කියා රාජපක්ෂ රේජීමය ඔහුව එම රටට පටවා යවන ලදී.
1994 ගුනරත්නම්ව නුගේගොඩ දී අත්අඩංගුවට පත්වන අතර පසුව අභාවප්ප්‍රාප්ත වු ප්‍රගතිශීලි පෙරමුණේ හිටපු සභාපති ආරිය බුලේගොඩ මැදිහත් වී ඔහු නිදහස් කර ගත්තේය.
ගුනරත්නම්ව 1986 කෑගල්ලේ දී නාදුනන සන්නද්ධ කණ්ඩායමක් විසින් පැහැර ගත්හ. පැහැර ගත් පිරිස් ඔහුව නුවර ගලගෙදර පොලිසියට බාර දී තිබුණි. ගලගෙදරීන් නුවර පොලිස් ස්ථානයට ඔහු රැගෙන යන ලදී. පොලිස් මුලස්ථානයෙන් බෝගම්බරටත් එතැනින් කොළඹ මැගසින් බන්ධනාගාරයටත් මරුකර යැවිණ.
ගුනරත්නම් 1988 මැද වන තෙක් රදවා සිටියේ කොළඹ මැගසින් බන්ධනාගාරයේය. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය 1988 දී එම බන්ධනාගාරයේ තාප්පය පුපුරවා එහි රදවා සිටි පිරිසක් මුදා ගත්තේය. ඔහු මැගසින් බන්ධනාගාරයට යන විට,ගුනරත්නම්ගේ වැඩිමහලු සොහොයුරු රන්ජීදන් ගුනරත්නම් ද එහි රදවා සිටියේය.
ඔහු 1989 අගභාගයේ ත්‍රිකුණාමල නාවික හමුදා කදවුරක් තුළ දී අත්අඩංගුවට ගැනිණ.නාවික හමුදාව ගුනරත්නම්ව යුද හමුදාවට බාර දී ඇත. පසුව ඔහු කන්තලේ යුද හමුදා කදවුරේ රදවා සිටියේය. ඒවකට එම කදවුර බාර සිට ඇත්තේ පීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාය.  ෆොන්සේකා 1989 ලුතිනල් කර්නල්වරයෙකි.
1990 මුල දෙමළ විමුක්ති කොටි සංවිධානය රජයේ හමුදාවලට එරෙහිව නැවත ප්‍රහාර ආරම්භ කළේය.එම ප්‍රහාරත් සමග 1987-89 වකවානුවේ ජනතා විමුක්ති පෙරමුණ විනාශ කිරීම සදහා දකුණේ හා අනිකුත් පළාත්වල ස්ථානගත කර තිබු හමුදා කදවුරු අතහැර දමා හමුදා උතුරු -නැගෙනහිරට ඇදුනහ. එම කදවුරු වල රදවාගෙන සිටි සැකකරුවන් නිදහස් කළ අතර  සමහර සැකකරුවන් බන්ධනාගාර ගත කරන ලදී. තවත් සමහරුන් ඝාතනය කළේය.
ගුනරත්නම්ව ඒවකට හිටපු පුනරුත්ථාපන කොමසාරිස් මේජ්ර් ජනරාල් ආනන්ද වීරසේකරට බාර දීමට නියමිත ව තිබුන ද පීල්ඩ් මාෂල් ෆොන්සේකා  වීරසේකර සමග පැවැති පෞද්ගලික ප්‍රශ්නයක් මත ඔහු බාරදී නැත. ගුනරත්නම්ව බාරව සිටි හමුදා කණ්ඩය උතුරට යෑමට සුදානම් වෙද්දී ඔහු කදවුරෙන්  පැන ගොස් ඇත. ගුනරත්නම් කදවුරෙන් පැන යන්නේ 1992 දිය.  එම කදවුරෙන් පැන නොගියා නම් අද  ඔහු ජිවත් නොවන්නට ඉඩ තිබුණි. ගුනරත්නම් හමුදා කදවුරෙන් පැන ආ පසුත් හමුදා නිලධාරීන් ඔහු පසු පස පැමිනියහ.
ගුනරත්නම්ගේ පවුල් පසුබිම
ගුනරත්නම් උපත ලබා ඇත්තේ 1965 නොවැම්බර් 18 වැනිදාය. කෑගල්ල රෝක්හීල් වත්ත(රන්වල) ඔහුගේ උපන් ගමයි. ගුනරත්නම්ගේ මව රාජමනි ගුනරත්නම්ය. ඇය ශාන්ත මේරී විද්‍යාලයේ (දෙමළ අංශයේ ) ඉංග්‍රීසි ගුරුවරියකි. ඔහුගේ පියා ආදි මුලම් පිල්ලේ ගුනරත්නම්ය.ඔහු සිංගර් ආයතනයේ සේවය කොට ඇත.
ගුනරත්නම් සහෝදරයන් දෙදනෙක් හා සහෝදරියන් දෙදනෙක් ගෙන් සමන්විත පවුලක දෙවන පිරිම දරුවා විය.ඔහුගේ වැඩිමහලු සහෝදරයෙක් ළමා කාලයේදීම හදිසි අනතුරකින් මිය ගොස් ඇත.ගුනරත්නම්ගේ වැඩිමහලු සහෝදරයා රන්ජීදන් ගුනරත්නම්ය වන අතර නැගණිය නිරංජනි ගුනරත්නම්ය වෙයි.රන්ජීදන් ගුනරත්නම් 1979 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුළත් විය. ඔහු 1980 දශකයේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු විය.
ජ.වි.පෙට වෛර කළ අයගේ පවා ගෞරවාදරය ලබන්ට රන්ජිදන් ගේ නිහතමානිකම මෙන්ම දේශපාලන දැනුම බලපෑ බව ඔහුට ආදරය කළ, මිත්‍රයෙක් ලියුම්කරු සමග කීය. ඔහු දේශපාලනයට යොමුවන්නේ පාසල් අවධියේ සිටමය.කෙටි කළක් තුල ජ.වි.පෙ. මධ්‍යම කාරක සභාවට තේරිපත් විය. රන්ජීදන් 1989 කිරිබත්ගොඩ දී ඒවකට හිටපු ආරක්ෂක ඇමති රන්ජන් විජේරත්නගේ කුලී හේවායෝ විසින් පැහැරගෙන ගොස් ඝාතනය කළහ.
ජ.විපෙ. නිර්මාතෘ රෝහණ විජේවීර 1989 නොවැම්බර් 12දා හමුදා අත්අඩංගුවට පත්විය. විජේවීර ඝාතනයත් සමග ජ.විපෙ. දේශපාලන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨයෙක් වු සමන් පියසිරි ප්‍රනාන්දු ගේ නායකත්වයෙන් පත්කළ පළමු දේශශපාලන මණ්ඩලයේ  රන්ජීදන් සමාජිකයෙකි.
ගුනරත්නම් හෙවත් කුමාර ජ.විපෙ. ට සම්බන්ධ විම
කෑගල්ල ශාන්ත මේරී විද්‍යාලයෙන් සමාන්‍ය පෙළ දක්වා මුලික අධ්‍යාපනය හැදැරූ  ගුනරත්නම් උසස් අධ්‍යාපනය සදහා කෑගල්ල පින්නවල මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් විය.  උසස් පෙල සමත් වු ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුල් වීමට අවස්ථාව ලැබිණ.
තම සහෝදරයා පරමාදර්ශයක් කරගත්  ගුනරත්නම් ජ.වි.පෙ.හා සම්බන්ධ වන්නේ 1981දීය. ඒ ඔහු පාසල් ශිෂ්‍යයකු සිටි අවධියේය. 1988 අග ජ.වි.පෙ. ත්‍රිකුණාමල නායකයා ලෙස ගුනරත්නම් පත් කෙරිණ.  එම පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ආනන්ද ඉඩමේගම හෙවත් බස්නායක ඒවකට නැගෙනහිර පළාත බාර සිටියේය. පසුව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ කුලී මැරයන් ඔහු මරා දැමිණ. 1989 දෙසැම්බර් ගුනරත්නම් හමුදා අත්අඩංගුවට පත්වන විට ඔහු ජ.වි.පෙ. විකල්ප මධ්‍යම කාරක සභාවේ සමාජිකයකු වී සිටියේය.
1994  ජ.වි.පෙ.නැවත ගොඩනැගීම
1987-89 වකවානුවේ මෙරටට පැවැතියේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකි. ජ.වි.පෙ.එරෙහිව රුදුරු මර්දනයක් එම ආණ්ඩුව මගින් ගෙන යන ලදී. එම පෙරමුණේ  නායක විජේවීර ඇතුළු පළමු හා දෙවන පෙළ නායකයින් සමග හැටදාහසක් තරුණ තරුණියන් ක්‍රෑර වධබන්ධනයන්ට ලක් කර රජයේ හමුදා විසින් ඝාතනය කළහ.
රජයේ හමුදා අතුරු හමුදා කල්ලී වල අත්අඩංගුවට පත්ව ජිවිතය බේරාගත් අයෙක් හෝ ඇයක් සිටි නම් ඒ අහම්බෙනි. ගුනරත්නම්ගේ ජිවිතය ද බේරුණේ අහම්බෙනි.ඔහු මෙන්ම අහම්බෙන් ජිවිතය පෙසපයේ ලේකම් සේනාධීර ගුනතිලක හෙවත් ඕපාත  පසු ගියදා අප අතරින් වියෝ වු කමල් දේශප්‍රිය හෙවත් සෙනෙවි නන්දන ගුනතිලික හෙවත් සුමේධ සහ මිල්රෝයි හෙවත් ලාල් යන අය 1993 නැවත ජ.වි.පෙ. ගොඩනැගීම සදහා සකසන ලද සංවිධාන ව්‍යුහයට (ගුලියට)  අයත් වුවෝ වෙති. 1994 එම ගුලියට සෙනෙවි සමග සිටි මාලන් හා විමල් වීරවංශ ඇතුළු කළුතර කණ්ඩායම, සේනාරත්න සිල්වා, මාතලේ අසංක, පී. කුලරත්න හෙවත් සරත්, මැතිව් පිරිස්, චන්දසිරි වීජේසිංහ හෙවත් සමන්ත සහ රුවන් ෆර්ඩිනැන්ඩස් යන අය ඇතුල් වුහ.
1994 ජ.වි.පෙ ගොඩනැගීමට ආදාළව ගුනරත්නම් සුවිශේෂී කාර්ය භාර්යක් ඉෂ්ට කළේය.ඔහු එළියට වඩා නැඹුරු වුයේ පක්ෂ අභ්‍යන්තරයටය. ඊට බලපෑ නිතීමය බාධා ද පැවැතිණ. ඔහු දක්ෂ සංවිධායකු  විය. 1989 පසු ගොඩනගන ලද ජ.වි.පෙ. වත්මන් නායකය අනුර කුමාර දිසානායක ඇතුළු බොහෝ දෙනෙක්ගේ දේශපාලන ගුරුවරයා ගුනරත්නම්ය.
ජ.වි.පෙ.අභ්‍යන්තර ගැටුම් උත්සන්න වීම හා ගුනරත්නම් රට පැටවීම ජ.වි.පෙ. අභ්‍යන්තර කුහකකම්, තක්කඩිකම්, හා පාවාදීම් ඉස්මත්තට පැමිනියේ එම පක්ෂය 2004 පරිවාස ආණ්ඩුවට හවුල් වීමත් සමගය. ජ.වි.පෙ යනු ගැමි තරුණයන්  හා සරසවි සිසුන් මත පදනම් වු සුළු ධනේශ්වර පක්ෂයකි. විශ්වවිද්‍යාල සිසුන්ගෙන් බහුතරය ග්‍රාමීය පසුබිමකින් පැමින අය වෙති. මෙය පෙසපටත් අදාළය.
අනාගත කාලය තුළ පන්ති සටනේ ඇති වන ප්‍රචණ්ඩ වෙනස් වීම් මේ අර්බුදය තවත් උසන්න කරන අතර එම අර්බුදයන් ම ඔවුන්ගේ දේශපාලනයේ ඇත්ත ස්වභාවය වඩවඩාත් ඉස්මත්තට ගෙනෙනු ඇත. (ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය හා පන්ති ස්වභාවය -කීර්ති බාලසුරිය) 2004 සිදු වුයේ  ඉහත පැහැදිලි කිරීමට වඩා වැඩි දෙයක් නොවෙයි.
ධනපති ආණ්ඩු වලට මුක්කු ගැසීමට  ජ.වි.පෙ. මධ්‍යම කාරක සභාවේ සුළු පිරිසක් විද්රුධ වි ඇත. ඒ පිරිස අතර ගුනරත්නම් හා දිසානායක ද සිටියහ.
2005 වසරේ පැවැති ජනාධිපතිවරනයෙන්  මහින්ද රාජපක්ෂ ජයග්‍රහනය කළේය. එම ජනාධිපතිවරනයෙන් පසු  රාජපක්ෂ ආඩුණ්වේ මුක්කුවක් වෙනවාද ? නැද්ද? යන්න මත ජ.වි.පෙ මධ්‍යම කාරක සභාව දෙකට බේදිණ.
ජ.වි.පෙ රාජපක්ෂ ආණ්ඩුවට ඇතුළත් වියයුතු යැයි යෝජනාවක් අවස්ථා තුනකදී එම පෙරමුණේ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කර ඇති බවත් එම යෝජනාව අවස්ථා දෙකකදී මධ්‍යම කාරක සභාවේ බහුතරයේ ඡන්දයෙන් පරාජයට පත් වන බවත්  ජ.වි.පෙ රාජපක්ෂ ආන්ඩුවේ කිහිලිකරුවක් විය යුතු යන යෝජනාව පසුව ජයග්‍රහනය කරන බවත්ය.
ධනපති හවුල් අණ්ඩු දේශපාලනයට පක්ෂ  හා විපක්ෂ සංවාදය කෙළවර වි ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශයෙන්ය. හවුල් ආණ්ඩු දේශපාලනයට විරැද්ධ වුවන් වැනසීමට ජ.වි.පෙ මධ්‍යම කාරක සභාව තුළ සිටි සමහරු  ඔහුගේ හා පක්ෂ අභ්‍යන්තර තොරතුරු රජයේ බුද්ධී අංශ වලට මෙන්ම ඇතැම් ජනමාධ්‍ය වලට ද ලබා දී තිබේ.
මෙම පාවාදීම් වලට සමාන්තරව ගුනරත්නම්  නවාතැන් ගෙන සිටි ස්ථාන වලට බුද්ධී අංශ නිලධාරීන් කඩාපැනීමත්  ඔහු පසුපස ලුබැදීමත් නිසා ජ.වි.පෙ. දේශපාලන මණ්ඩලය විසින්  ගුනරත්නම්ව රටින් පිට කිරීමට තිරණය කර ඇත.
ජ.වි.පෙ. හිටපු දේශපාලන මණ්ඩල සභිකයකු වු නන්දන ගුනතිලක එම පෙරමුණේන් ඉවත් වී රාජපක්ෂ රේජීමයට එකතු විය. ගුනරත්නම්ව රාජපක්ෂ ‍රේජිමයේ ඔත්තු සේවාවලට පාවා දෙන පළමු තැනත්තා ගුනතිලකය. ජ.වි.පෙ.හිටපු දේශපාලන කමිටු සමාජික, ජාතික නිදහස් පෙරමුණේ නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ ද ගුනරත්නම් පාවා දීමට පිඹුරුපත් සැකසු වෙකි.
2007 වසරේ ගුනරත්නම් ඕස්ට්‍රෙලියාව බලා යන අතර එහි දී ඔහු ආරක්ෂක හේතු මත රටින් පිට වන්නේ  නොයෙල් මුදලිගේ ප්‍රේමකුමාර යන නම භාවිතා කරමින්ය.
ඔහු ජ.වි.පෙ. අභ්‍යන්තර අරගලය පුපුරන්ට ඔන්න මෙන්න කියා තිබියදී 2011 සැතැම්බර් මාසයේ ගුනරත්නම් නැවත ලංකාවට පැමින ඇත. එම පෙරමුණේ මධ්‍යම කාරක සභාවෙන් පුබුදු ජාගොඩ හෙවත් ලසිත්, මාලන්, අශෝක ඉවත් කිරීම ඊට අසන්නම සිද්ධි යයි.
සභාගවාදී කණ්ඩායම ජ.වි.පෙ. බලය අල්ලා ගැනීමත් සමග ගුනරත්නම්, ගුනතිලක ,හා කුලරත්න ඇතුළු කණ්ඩායම එම පෙරමුනේන් ඉවත් වී ජන අරගල ව්‍යාපාරය ආරම්භ කළහ. පසුව පෙරටුගාමී පක්ෂය පිහිටු විය. ගුනරත්නම් පෙසප සම්මේලනයට (2012 අප්‍රෙල් 08) පෙර දින රාත්‍රියේ පැහැර ගන්නා ලදී.
ගුනරත්නම් පැහැර ගැනීම හා ගෝඨාභය ගේ මුසාවාද
ගුනරත්නම් 2012 අප්‍රෙල් 07 පැහැර ගත්තේ රජයේ බුද්ධී සේවයේ හා හමුදා බුද්ධී මෙහෙයුම් අංශ නිලධාරීන්ගේ එකාබද්ධ මෙහෙයුමකිනි. ඔහු පැහැර ගත්තේ කිරිබත්ගොඩ ගැමුනු පාරේ නිවසක රාත්‍රිය ගත කරමින් සිටියදීය.
ගුනරත්නම් පැහැර ගැනීම අහම්බෙන් සිදු වුවක් නොව ජ.වි.පෙ. හිටපු හා සිටින ඊනියා සහෝදරවරුන් ගේ පාවාදීමේ  දිගුවක ප්‍රතිඵලයකි.
ඔහු පැහැර ගැනීමට ආසන්න හේතුව පෙසපට එල්.ටි.ටි.ඊ. ඩයස්පෝරාව සමග සම්බන්ධතා ඇතැයි සමහර පක්ෂ හා රජයේ බුද්ධි අංශ විසින් ලබා දුන් වැරැදි තොරතුරු මතය.  2011 දෙසැම්බර් 10 දා ලලිත් හා කුගන් පැහැර ගැනීම එහිම  දිගුවකි.
ගුනරත්නම්ව 2012 මාර්තු අග ගාල්ලේ ,දෙහිවල සහ බත්තරමුල්ල ජ.වි.පෙ. මුලස්ථානය අසලදී  පැහැර ගැනීමට එස්.අයි.එස්. නිලධාරින් උත්සහ කළ ද එම උත්සහයන් සියල්ල අවසන් මොහොතේ  ව්‍යාර්ථ වී ඇත. ඔහු දෙහිවල පෙසප සමාජිකයකු ගෙදරකට පැමිණේන බවට එස්.අයි. එස්. ට ඔත්තුවක් ලැබෙන අතර පසුව එම බුද්ධි සේවයේ නිලධාරීන් එහි ගොස් ඇත.  එම ස්ථානයේ නතර තිබු වාහනය තුළ මාලන් ( පෙසප-මධ්‍යම කමිටු සමාජිකයෙකි) සිටි බව තහවුරු කරගත් එස්.අයි.එස්. නිලධාරීන් පසුව එම වාහනය ලුහුබැද ඇතත් මහරගම දී ඔවුන්ට කුමාර ගමන් කළ වාහනය මගහැරීණ . ඔහු ජිවග්‍රහයෙන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වුයේ නම් ගුනරත්නම් ඝාතනය කිරීමට ද සැලසුමක් තිබි ඇත. ඔහු 2012 අප්‍රේල් 07 දා පැහැර ගත් අවස්ථාවේ විශේෂයෙන් ඕස්ට්‍රෙලියානු යුවලක්, ජාතික හා ජත්‍යන්තර මානව හිමිකම් හා දේශපාලන සංවිධාන මැදිහත් නොවන්නට ගුනරත්නම් ලලිත් හා කුගන් මෙන් අතුරුදන් වීමට නියමිතව තිබුණි.
1989 විජෙවීර අත්අඩංගුවට ගත්තේ හමුදා මගිනි.  නමුත් ඔහු කොළඹ රාජය බුද්ධි සේවා මුලස්ථානයට රැගෙන යන අතර  එහි දී විජෙවීරගෙන් ප්‍රශ්න කර ඇත.  පසුව ඔහු  බෙරැල්ල කනත්තට ගෙන ගොස් වෙඩි තබා ඝාතනය කර එම කනත්තේ ආදානාගාරයට දමා ඇත්තේ එස්.අයි.එස්. නිධාරීහු වෙති.
ගුනරත්නම් පිළියන්දල ප්‍රදේශයේ ඥාති ගෙදරකට පැමිණේන බවට ලැබුනු තොරතුරක් මත එම ස්ථානයේ තොරතුරු රැස් කිරිම සදහා ගෝඨාභය ගේ උපදෙස් මත ගුවන් හමුදාවේ සහයෙන් කේලමා (Uන්මන් ඇරිඅල් Vඑහිcලේ යොදා ජායාරූප පවා රැගෙන ඇත. රාජය ආරක්ෂක අමාත්‍යංශයෙන් කේළමා (UඇV) මෙරටට ආනයනය කළේ ගුවන් ප්‍රහාර සදහා එල්.ටි.ටි.ඊ. සංවිධානයේ කදවුරු , අවි ගබඩා, හා එම සංවිධානයේ නායකයන් ගැවසෙන ස්ථාන පිළිබද නිවැරදී තොරතුරු රැස් කිරිම සදහාය. එල්.ටි.ටි.ඊ. සංවිධානයේ හිටපු දේශපාලන අංශයේ නායක තමිල්චෙල්වම් සැගවී සිටි බංකරයට ප්‍රහාර එල්ල කර ඔහු මරා දමන්නේ ද කේලමා ගේ සහයෙනි. යුද්ධයෙන් පසු දකුණට කේලමා යොදා ගන්නේ, ගුනරත්නම්ව පැහැර ගැනීමේ මෙහෙයුම සදහාය.
එල්.ටි.ටි.ඊ. සන්නද්ධ ප්‍රහාර හමුවේ නන්නත්තාර වී සිටි රාජපක්ෂව විසකුරු යුද්ධයකට තල්ලු කර දැමුවේ ජ.වි.පෙ. හා ජාතික හෙළ උරුමය විසිනි. යුද්ධය කරන්නැයි සෝමවංශ හිටපු ජනාධිපති රාජපක්ෂ හමුවී බල කර සිටියේය. යුද්ධය කරන්නේ මොකෙන් දැයි රාජපක්ෂ සෝමවංශ ඇසිය. තියේන ලබ්බකින් කරන්නැයි සෝමවංශ රාජපක්ෂ පිළිතුරු දෙමින් කීය. ඒ වකට සෝමවංශ නායකත්වය දුන් ජ.වි.පෙ. දේශපාලන මණ්ඩලයේ ගුනරත්නම් ද සමාජිකයෙක් වී සිටියේය.
ඔහු පැහැර ගැනීමට පෙර  ගෝඨාභය නන්දන ගුනතිලක හා විමල් වීරවංශ හමු වී ගුනරත්නම් පිළිබද තොරතුරු විමසා ඇත. ත්‍රස්ත විමර්ශන එකකයෙන් අත්අඩංගුවට  ගෙන වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටි විප්ලවකාරී විමුක්ති ව්‍යාපාරයේ සමාජිකයෙක් (ඔහු හිටපු ජ.වි.පෙ. සමාජිකයෙක්)  එම එකකයට රැගෙන ගොස් කුමාර පිළිබද තොරතුරු විමසා තිබුණි.
ගුනරත්නම් අත්අඩංගුවට ගත් 2012 අප්‍රේල් 07දා පස්වරුවේ පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ සමාජිකයන් පරිහරනය කළ 185 කවසාකී   (ඛවසකී  වර්ගයට අයත් කළු පාට යතුරුපැදිය බොරැල්ලට පැමින ඇත. එම යතුරුපැදිය පෙසප බව හදුනාගත් පෞද්ගලික ඔත්තුකරුවෙක් ඒ පිළිබදව රාජය බුද්ධී සේවයට දැනුම් දුන්නේය. යතුරුපැදිය ලුහුබැද යන ලෙසට එම බුද්ධි සේවයේ  උසස් නිලධාරියෙක් ගෙන් ඔහුට උපදේස් ලැබිණ. යතුරුපැදිය කිරිබත්ගොඩට මංසන්දියට ගොස්  එතැනින් සපුගස්කන්ද පරේ ගැමුනු මාවතට හැරී එම මාවතේ ටික දුරක් ගොස් නිවසක් ඉදිරිපිට නතර කරන අයුරු ඔත්තුකරු විසින් නිරික්ෂනය කළේය. පසුව ඒ පිළිබදව ඔහු එස්. අයි.එස්. මුලස්ථානයට දැනුම්  දුන්නේය.ටික වේලාවකට පසු එම යතුරුපැදිය පිටව ගොස් ඇත. කිරිබත්ගොඩ නිවසේ රැදී සිටින්නේ ගුනරත්නම් බව සීයට සීයක් එස්.අයි.එස්. දැන නොසිටියත් කුමාර එහි සිටින බව ඔවුන් සැක කළහ.
රාජය බුද්ධි සේවායේ හිටපු අධ්‍යක්ෂක නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍ර වාකිෂ්ට මේ පිළිබදව ගෝඨාභය දැනුවත් කෙරිණ. ගෝඨාභයගේ උපදේස් මත වාකිෂ්ට මෙහෙයුම සැලසුම් කළේය. ගුනරත්නම් පැහැර ගන්නේ එස්.අයි.එස්. ද නැතිනම් ඔහු පැහැර ගැනීමේ මෙහෙයුම හමුදාවට පවරනවාද යන උභතෝකෝටිකයට රාජය බුද්ධී සේවය මුහුණ දුණි. පසු වාකිෂ්ට තම  නිලධාරීන් කැදවා එස්.අයි.එස් .ට ගුනරත්නම් පැහැර ගැනීමේ හැකියාවක් ඇද්දැයි විමසා ඇත. ඔහු පැහැර ගැනීමේ වගකිම එස්.අයි.එස්. නිලධාරීන් බාර ගැනීමත් සමග මෙහෙයුම ආරම්භ කෙරිණ.
ගුනරත්නම් පැහැර ගැනීමේ කණ්ඩායමේ ප්‍රධානියා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එල්.ජේ.පී.එස්. පිරිස් පත් කරන අතර එම කණ්ඩායමට ඔහු ද අතුළු නිළධාරීන් දොලෝස් දෙනෙක් සහ පෞද්ගලික ඔත්තුකරුවෙක් ද ඇතුළත්ය.මෙහෙයුමට සහභාගිවු නිලධාරීන් ගේ නම් හා එම මෙහෙයුම සාර්ථකව සිදු කළ නිලධාරීන්ට පොලිස්පතිවරයා අතින් ත්‍යාග හා ප්‍රශංසා පිරිනැමිමේ උත්සවයක්  2014 ජනවාරි 14 දා පවත්වා ඇති අතර එම උත්සවයට සහභාගි වන ලෙසට එම නිලධාරීන්ට දන්වා යවන ලද ලිපියේ පිටපතක් ද පහතින් පළවේ.
ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.ඒ.එස්. කුමාරසිංහ, පොලිස් පරික්ෂක ඩබ්.සී.එන්. විජයසේකර, උප පොලිස් පරික්ෂක සී. වැදිසිංහ පොලිස් සැරයන් 26861 ආර්.එස්. ගොඩමුණේ,  පොලිස්  කොස්තාපල් 34775 බී.එම්.එම්.එස්. කුමාරපොලිස් කොස්තාපල් 34736 පී.ඒ.එම්. පුෂ්ප කුමාර, පොලිස් කොස්තාපල් 16416 ආර්.එම්. එස්.ඊ.රත්නායක, පොලිස් කොස්තාපල් 56803 එම්.එස්.පුෂ්ප කුමාරපොලිස් කොස්තාපල් 51504 ටි.එස්.අත්තනායක, පොලිස් කොස්තාපල් 78036 ඩබි.එස්. ශාන්ත, පොලිස් පරික්ෂක ඩබි.සී.එන්.විජයසේකරගේ පුද්ගලික ඔත්තුකරු.
ගුනරත්නම් පැහැර ගැනීමේ මෙහෙයුමට සහභාගි වන නිලධාරීන් සිවිල් ඇදුමෙන් සැරසි සන්නද්ධ ඔහු රැදි සිටින බවට සැක කළ නිවස ආසන්නයට රාත්‍රි නමය වෙද්දී පැමිණි සිටියහ. එදින සවස 04 සිට එම නිවසට යන හා පිටවන අය පිළිබදව නිරික්ෂණය කිරිම සදහා නිලධාරීන් දෙදනෙක් යොදා තිබුණි. රාත්‍රි 10ට ගුනරත්නම් සිටින බවට සැක කළ නිවසේ  සියලු විදුලි පහන් නිවා දැමීණ.ඒය මෙහෙයුම ආරම්භ කිරිමට දෙන ලද සංඥාවක්  බදු විය. එම සංඥාවත් සමග එස්.අයි.එස් නිලධාරීන් ඔහු සිටි නිවසේ වත්තට ඇතුල් වුහ. පසු නිවසේ දොර කඩා නිවස ඇතුල් වී ඔවුන්  ගුනරත්නම්ව යටතට ගත්හ. ඔහු පැහැර ගන්නා විට ගුනරත්නම් ඇද සිට ඇත්තේ කොළ පාටට හුරු කොට කලිසමක් පමණි. ගුනරත්නම් නිදා සිටි කාමරයේ තිබි ඇත්තේ දේශපාලන පොත් කීපයක් හා  මුහුණ ආවරනය කළ හිස් වැසුම් දෙකකි. එම නිවස ඉදිරිපිට සුදුපාට මෝටර් රථයක් ද නතර තිබිණ.
ඔහුගේ ඇස් බැද නිවසෙන් එළියට ගත් එස්.අයි.එස්. නිලධාරීන් ගුනරත්නම්ව වාහනයක නන්වාගෙන වත්තල හෙකිත්ත මුහුදට අසන්නයේ පොල්වත්තක් මැද පිහිටි ගෙයකට ඔහු රැගෙන ගියහ. රාජපක්ෂ රේජීමයේ සමයේ එම නිවස දෙමළ ,සිංහල බේදයකින් තොරව දහස් ගනනක් තරුන තරුණියන්  ක්‍රෑර වධ බන්ධනයනට ලක්කර ඝාතනය කෙරීණ. නුගේගොඩ ජුබිලි කනුවේ බණ්ඩාර හා දෙමටගොඩඩ මාලු කඩේ නිමල් පැහැරගෙන ගියේ ද මෙම නිවසටයි. පසු ඔවුන්ව පෑලියගොඩට ගෙනැවිත් දමා තිබුණි. හිටපු ඇමති ජිවන් කමාරතුංගගේ බිරිද ගේ සහෝදරයෙක් වන සාගර සේනාරත්න ද පැහැර ගිය  අතර පසු ඔහුව මීගමුව ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබුණි. සාගර පැහැර ගත් පිරිස් ඔහු මහ මග අතහැර ගියේ හිටපු ජනාධිපති රාජපක්ෂගේ නියෝගය මතය.
වත්තල වධකාගාරයට රැගෙන ගිය ගුනරත්නම්ගෙන්  වධකයින් දිගින්දිගටම ප්‍රශ්න කරන්නට වුහ. පසු එම ස්ථානයට වාකිෂ්ට හා හමුදා බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි හෙන්දා විතාරන පැමින ඇත. කුමාරගේ ඇස් වසා තිබු රේදිපටි ගලවා ඔහුව විතාරන හා වාකිෂ්ට හමුවට ඉදිරිපත් කර තිබුණි. පසු ඔවුන් කුමාරගෙන් පැය ගනනක් ප්‍රශ්න කළහ.
ගුනරත්නම් අත්අඩංගුවට ගත් සිද්ධිය ජාතිකව මෙන්ම ජාත්‍යන්තරව ද ආන්දෝලනයට තුඩුදුන් සිද්ධියක් විය. ජනඅරගල ව්‍යාපාරයේ නායක ගුනරත්නම හෝ එහි ජත්‍යන්තර කටයුතු පිළිබද ලේකම් දිමුතු ආටිගල පැහැරගත් බවට කිසිදු සාක්කියක් නැතැයි ඒවකට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු පොලිස් පරික්ෂක අජිත් රෝහණ  මාධ්‍යයට ප්‍රකාශ කළේය.
බොරු අතුරුදන්වීම් මවාපාමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ප්‍රසිද්ධියක් ලබා ගන්නට උත්සහ කරන බවට හිටපු උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක කටහැකර කතාවක් දිනමිණට කියා තිබුණි.
නමුත්  ගෝඨාභය 2016 නොවැම්බර් 08දා සත්හඩ පුවත්පතට සම්මුඛ සාකච්ජාවක් දෙමින් ගුනරත්නම්  පැහැර ගත්තේ තමා යටතේ ක්‍රියාත්මක වු මැර කල්ලි විසින් බව පිළි ගත්තේය. එම පිළි ගැනීමත් සමග උතුරු නැගෙනහිර හා දකුණේ ඝාතන වලට හා පැහැරගෙන ගොස් සිදු කළ අතුරුදන් වලට ඔහු ප්‍රධාන වගකිව යුත්තා වෙයි.
යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්  ඝාතන සිදු කර ඇත්තේ දේශපාලනඥයන් ගේ හා වෙනත් පුද්ගලයින් ගේ උවමනා එපා කම් වලට යැයි කියමින් ගෝඨාභය එම බුද්ධි නිලධාරීන් පාවා දෙන ගමන් බුද්ධි නිලධාරීන් තමන් ගේ කොන්ත්‍රාත් වලට මිනිමැරු බව ද ඔහු පිළිගෙන ඇත.
ගෝඨාභය බුද්ධි අංශ නිලධාරීන් පමනක් නොව ඔහු අනුර කුමාරව ද පාවා දුන්නේය. ගෝඨාභය හිටපු ආරක්ෂක ලේකම්වරයකු මෙන්ම හිටපු හමුදා නිලධාරියෙකි. ඔහුට හමුදා නිතීයෙන් හෝ ධනේෂ්වර සදචාරයන් ගෙන් වැඩක් නැත. ගෝඨාභය තම පැවැත්ම වෙනුවෙන් සියල්ල පාවා දීමට සුදානම්ය. සිංහයකු මෙන් රගපෑ ගෝඨාභය ගේ  හිවල් පෙනුම සත්හඩ සමග කළ සම්මුඛ සාකච්ඡාව සමග පොලා පැන්නේය.
පෙරටුගාමි සමාජවාදී පක්ෂය සමග ලියුම්කරුට මුලධාර්මික ප්‍රශ්න ඇතත්, ගුනරත්නම් වහා නිදහස් කර, ඔහුට හිමි පුරවැසිභාවය ලබා දෙන්නැයි ආණ්ඩුවට බලකර සිටින්නේය.
kumar
lankanewsweb