මට H.I.V.. තියෙනවා කියලා දැනගත්තෙ අවුරුදු 9කට කලින්

නම, ගම විස්තර ටිකක් කියනවානම්?
මගේ නම පාලිත විජේබණ්ඩාර. මම ජීවත් වුණේ කුරුණෑගල ප්‍රදේශයේ.
ඔබේ පාසල?
කුරුණෑගල ප්‍රදේශයේම පාසලක්.
කොයිතරම් දුරට පාලිත අධ්‍යාපනය හැදෑරුවාද?
මම සා.පෙළ සමත් වෙලා උ.පෙළ අධ්‍යාපන කටයුතුවල නිරත වුණා. නමුත් විභාගය සමත් වුණේ නෑ.
බාහිර වැඩකටයුතු මුකුත්ම කළේ නැද්ද?
කළා. ක්‍රීඩා අංශයට වැඩිපුර නැඹුරු වෙලා හිටියා. මම ඇත්ලටික් කළේ. මීටර් 400, තුන්පිම්ම වගේ අංශයන් මම නියෝජනය කළා. ඒත් සපත්තු ගන්න වගේම වෙනත් දේවල්වලටත් සල්ලි ගොඩක් ඕන නිසා ඒ ආශාව මගෙන් අෑත්වෙලා ගියා.
මේ අතරවාරේ රැකියාවකට යොමුවුණා.
ඔව්. රැකියාවල් කිහිපයක්ම කළා. ගාමන්ට්වල වැඩ කළා, කඩවල් කිහිපයකම වැඩ කළා. ඊට පස්සෙ රට රැකියාවකට යන්න අදහසක් හිතට ආවා. මොකද මගේ හිතේ පුංචිකාලේ ආශාවකුත් තිබුණා රටවල්වලට යන්න. අනික අපේ ආර්ථිකයත් යහපත් මට්ටමක තිබුණෙ නෑ. ඒකයි මම සවුදිවලට යන්න තීරණය කළේ.
විදේශ ගතවෙනකොට ඔබේ වයස?
මම විදේශ ගතවුණේ මට මතක හැටියට 2003දී ඒ කියන්නෙ වයස 23ක් විතර ඇති.
අපි දැන් අදාළ කරුණට එමු. කොහොමද දැනගත්තෙ ඔබ H.I.V.ශරීර ගතවූ අයෙක් කියලා?
සවුදිවල අපි වැඩ කරපු කම්පැනි එකේ හැම අවුරුද්දකම මෙඩිකල් එකක් කරනවා. පළවැනි අවුරුද්දෙත් කළා. දෙවැනි අවුරුද්දෙත් කළා. කිසිම ගැටලුවක් තිබුණෙ නෑ. තුන්වැනි අවුරුද්දෙ තමයි මේ ප්‍රශ්නෙ මතුවුණේ.
ඊට පස්සෙ?
ඊට පස්සෙ මට රූම් එකෙන් එළියටවත් යන්න ඒ අය ඉඩ දුන්නෙ නෑ. එළියෙ සිකියුරිටි එකේ දෙන්නෙක් තියලා හිටියා. කෑම බීම ගෙනත් දුන්නා.
ඒ අවස්ථාවට කොහොමද පාලිත මුහුණ දුන්නෙ?
මුලින්ම මට ඔය සම්බන්ධයෙන් වැඩි අවබෝධයක් නැතිව ගියා. නමුත් ඒ අය ඒඩ්ස් රෝගයේ භයානකකම කියනකොට මොනවද මේ වුණේ කියන දේ මගෙ ඔළුවට ආවා.
H.I.V. ශරීර ගතවෙන්න ආසන්නම හේතුව විදියට ඔබ දකින්නෙ කවර කරුණක්ද?
මම සවුදිවලදී අනාරක්‍ෂිත විදියට ලිංගික කටයුතුවල යෙදුණා. එය තමයි එකම සහ මූලිකම කාරණය. මාත් එක්ක එහේ හිටපු 90%ක් 95%ක් මේ දේවල්වලට ඇබ්බැහිවෙලා හිටියා. පාළුව කාන්සිය නිසා මමත් මේවට පුරුදු වුණා. අවාසනාවට මේ වයිරසය මට ශරීරගත වුණා.
ගමේ යාළුවො එහෙම මේ සිදුවීම දන්නවද?
යාළුවො දන්නෙ නෑ. ඒත් ඒ අයට සැකයක් තිබ්බා එකපාරටම මම ලංකාවට ආව එකට. ඒ නිසාම ඒ අය මොනවත් හිතයි කියලා මම ඒ අයත් එක්කත් යාළුවො වගේ හිටියා.
ලංකාවට ආවට පස්සෙ පාලිත කොහොමද ප්‍රතිකර්මවලට යොමු වුණේ?
ලංකාවට ඇවිත් මම ටෙස්ට් එකක් කළා. ඒකෙන් පෙන්නුවෙ H.I.V. පොසිටිව් කියලා. එතැනින් එයාලා මාව ක්ලිනික් එකකට යොමුකළා. මේ වෙලාවෙ කියන්න ඕන කුරුණෑගල හිටපු වෛද්‍ය කණ්ඩායම මට මාර සපෝට් එකක් දුන්නා. එයාලා කිව්වා බයවෙන්න එපා. ඔයා තනිවෙලා නෑ. තවත් ගොඩක් අය ඉන්නවා ඔයා වගේම. අපි ඔයාව බලාගන්නම් කියලා. මෙන්න මේ වෙලාවෙ බින්දුවෙ තිබුණු මානසිකත්වය 30%ක් විතර ගොඩනැඟුණු බවත් මට දැනුණා. ඉන්පස්සෙ පුංචි ප්‍රශ්නයක් වුණත් මම ඔවුන්ව හොයාගෙන ගියා. ඒක මට පුදුමාකාර සැනසීමක් වුණා.
ඔබ ඩ්.ධ්.ඍ සමඟ ජීවත්වන අයෙක්. සමාජයේ මතයක් තියෙනවා මෙවැනි අය ආත්මාර්ථකාමී විදියට අන් අයටත් මෙය බෝ කරන්න උත්සාහ ගන්නවා කියලා?
ඕනම කෙනෙක්ට එක එක විදියට ඇඟිල්ල දික් කරන්න පුළුවන්. සිරින්ජර්වලින් වයිරසය ඇඟට ඇතුළු කරනවලු. අර විදියට කරනවලු මේ විදියට කරනවලු ඕනම දෙයක් කියන්න පුළුවන්. ඒත් කරපු කෙනෙකුත් නැහැ. කරපු තැනකුත් නැහැ. ඔය කියන මිනිස්සු ගොඩක් දෙනෙක් ඒ අය අනාරක්‍ෂිත ලිංගිකව හැසිරිලා අනිත් අයට ඇඟිල්ල දික් කරනවා.
H.I.V. ආසාධිත අය අතරින් ඔබට විශේෂිත කෙනෙක් ඉන්නවද?
එහෙම මට
විශේෂයි කියලා කවුරුත් නෑ. ඒත් මට අවුරුදු 22ක තරුණියක් හමුවුණා. පුදුමාකාර ලස්සනක් ඒ ළමයගෙ තියෙන්නෙ. එයා මිලියනපතිනියක්. ව්‍යාපාරික අතින් එයා ප්‍රසිද්ධයි. මම නම කියන්න කැමැති නෑ. වැඩි වශයෙන් ඉන්නෙ විදේශ රටවල. ඒත් එයාගෙ ප්‍රතිකර්මවලට එයා ලංකාවට එනවා.
හරියටම කියන්න මේ වයිරසය ශරීර ගතවෙලා කොපමණ කලක් වෙනවාද සහ ප්‍රතිකර්ම පටන් අරන් කොපමණ කාලයක්ද කියලා?
මට මතක හැටියට H.I.V.. ශරීරය තුළ තියෙනවා කියලා දැනගත්තෙ මීට අවුරුදු 9කට විතර ඉස්සෙල්ලා. ප්‍රතිකර්ම ආරම්භ කරලා නම් අවුරුදු 3ක් විතර ඇති.
තවමත් ලංකාවේ ඉන්නවා ඩ්.ධ්.ඍ. ප්‍රතිකාර නොගන්නා අය ඒ අයට මොකද කියන්නෙ?
වයිරසය පාලනය කරන්න දැන් ඔෟෂධ තියෙනවා. ඒක නිසා බයවෙන්න එපා. සමහරු හිතනවා මින් එහාට ජීවිතයක් නෑ කියලා. ඒක වැරැදියි. අපිටත් සාමාන්‍ය මිනිස්සු වගේ ජීවත්වෙන්න පුළුවන්. මේ අයව දැනුවත් කරන්න ඕන.
අවසාන වශයෙන් මොකද කියන්න තියෙන්නෙ?
දැන් අපේ මිනිසුන්ගේ ඔළුවෙ තියෙන දේ තමයි ‘ඒඩ්ස් මාරාන්තිකයි’ කියන දේ. ඔයාලටත් මතක ඇතිනෙ මේ වගේ දැන්වීමක් රූපවාහිනියේ ගියා. මෙන්න මේ තත්පර කීපයේ දැන්වීම් මිනිසුන්ගේ හිත්වල ලොකු බලපෑමක් කරන්න සමත් වුණා. මිනිස්සු මේකට බයවුණා. එහෙම නෙවෙයි කියන්න ඕන. මේක පාලනය කළ හැකියි,
ඔෟෂධ ලබාගන්න, බෝ වෙන්නෙ මෙන්න මේ විදියට වගේ දේවල් කියලා කොහොමහරි මේ අයව සායනවලට යොමු කරගන්න ඕන.

Feetured

 

mawbima