පිල්ලෙයාන් බන්ධනාගාරයට

නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඊයේ (2) මඩකළපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන දෙසැම්බර් 16 දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් ඔහු පසුගිය ඔක්තෝබර් 9 වැනිදා අත්අඩංගුවට පත් විය.