ඇවන්ට් ගාඩ් සහ ගෝනිබිල්ලෝ

ගෝනි බිල්ලන් යනු හයහතර නොදත් ළමුන් බයකර රවටා, එම හයහතර නොදත් ළමුන් ලවා අවශ්‍යතාවයන් ඉටුකර ගන්නා පිරිසකි. එනම් බළලුන් ලවා කොස් ඇට බාගන්නා පිරිසකි.

පසුගිය වකවානුවේ සමාජ කතිකාවතකට බදුන් වී නොමැතිව තිබු, නමුත් මේ දිනවල බලහත්කාරයෙන් ජනතාව වෙත අසත්‍ය කරුණු ගෙනහැර දක්වා යම් යම් පුද්ගලයින්ගේ පුද්ගලික වාසි සහ කෝන්තර පිරිමසාගැනීම වෙනුවෙන් ජනතාව නොමග යැවීම පිළිබද ඇති වූ සංවේගය හේතුවෙන් පහත කරුණු ඔබ වෙත ගෙනහැර දැක්වීමට සිතුනි.

මොකක්ද මේ ඇවන්ට් ගාර්ඩ් සිද්ධිය

ඇවන්ට් ගාර්ඩ් යනු ආරක්ෂක අමාත්‍යාංශය මඟින් අධීක්ෂණය වන ශ්‍රී ලංකාවේ ලියාපදිංචි, පෞද්ගලික ආරක්ෂක ආයතනයකි. එනම් ආරක්ෂක අමාත්‍යාංශයට හැඟුනහොත් මෙය රටේ ආරක්ෂාවට තර්ජනයක් ඇති බව හෝ එවැනි වෙනයම් හේතුවක් මත රාජ්‍යය ආරක්ෂක අමාත්‍යාංශයට ඔවුන් වෙත නිකුත් කර ඇති බලපත්‍රය අහෝසි කළ හැක.

මුලදී ඇවන්ට් ගාර්ඩ් සමාගම පෞද්ගලික ආරක්ෂකයින් සැපයීම, මූල්‍යය ආයතන වල මුදල් රැගෙන යන වාහන වලට ආරක්ෂකයින් සැපයීම සහ ආයනතන වලට ආරක්ෂකයින් සැපයීම, ලීසිං වාරික පැහැර හැරි වාහන හිමිකරුගෙන් පැහැර ගෙන ලීසිං ආයතනයට ලබා දීම වැනි ක්‍රියාවන්හි නිරත විය.

මේ පහසුකම් සපයන ආයතන කිහිපයක්ම තිබීමත්, එවැනි ආයතන අතර ප්‍රමුකව සිටි සෙලින්කෝ ආරක්ෂක සේවය ලලිත් කොතලාවලට අයත් සමාගම් සමුහයේ ගෝල්ඩන් කි කඩාවැටීමත්, සෙලාන් බැංකුවේ ඇති වූ මුල්‍ය අර්බුදය නිසාවෙන් සෙලින්කෝ ආරක්ෂක සේවය මෙම කටයුතු කරගෙන යෑමට හැකියාවක් නොමැති විය. එනම් 2005 – 2006 පමණ කාලයේ ඇවන්ට්ගාර්ඩ් යනු කුමක්දැයි ඇසූවහොත්, කරුණු දන්නෝ සිටියේ එකෙකු දෙදෙනෙකු පමණි. පසුව සෙලින්කෝ ආයතනයේ කඩා වැටීමත් සමඟ මිළඟට සිදුවන්නේ අනෙකුත් සියලු ආයතන අභිබවා ඇවන්ට්ගාඩ් සමාගම ප්‍රමුකස්තානයකට පැමිණීමය.

පසුකලෙක සෙලින්කෝ ආරක්ෂක ජාලය සතු පෞද්ගලික ආරක්ෂක කොන්තරාත්තු (ප්‍රධාන බැංකු වල මුදල් එහා මෙහා ගෙනයාම , විශාල වියාපාරිකයින් හා ප්‍රභූ පුද්ගලයින්ට ආරක්ෂාව සැපයීම) ඇතුළු බොහෝමයක්ම කොන්ත්‍රාත්තු 2008 – 2009 කාලය වන විට නිතැතින්ම හිමි වන්නට වූ යේ ඇවන්ට්ගාඩ් සමාගමටය ය.

මේ අතරතුර කාලයේ ලෝකයේ වියාපාරික නැව් සමාගම් වලට විශාල අභියෝගයකට මුහුණ දීමට සිදු විය එනම් මුහුදු කොල්ලකරුවන්ගෙ බලපෑම වැඩී වීමත් එකල ආරක්ෂක කටයුතු වල නියැලී සිටි ජාත්‍යන්තර නාවික බටයින්ට ලෝකයේ සියළුව වියාපාරික නැව් සදහා ආරක්ෂාව සැපයිම ප්‍රායෝගික නොවීමත් ,ජාත්‍යන්තර නාවික හමුදාවන්ට සියළු භාණ්ඩ ප්‍රවාහන නැව් වලට ආරක්ෂාව සැපයීමත් කළ නොහැකි නිසාවෙන්, ලෝකයේ විශාල අධිපත්‍යක් පතුරා ඇති රක්ෂණ ආයතන වලටද ඔවුන් නොසිතු අභියෝගයකට මුහුණ පාන්නට සිදු විය. ඔවුන්ට මේ සදහා නව ක්‍රමෝපායන් සෙවීමට සිදු විය.

උක්ත කරුණ හේතු කොට ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් වල සිටින පෞද්ගලික ආරක්ෂක සේවාවන් වලට මේ හේතුවෙන් කරල පැහෙන්නට විය,ඔවුන් මහාපරිමාණ නැව් සමාගම් වලට දන්වා සිටියේ ඔවුන් වියාපාරික කටයුතු සදහා යාත්‍රාකරන විට සැක කටයුතු හෝ මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට නතුවී ඇති යම් ප්‍රදේශයක් හරහා ගමන් කරන්නේ නම් හෝ කොල්ලකරුවන්ගේ තර්ජනයක් වේද, එම ප්‍රදේශය හරහා ගමන් කරන විට තමන්ගේ ආරක්ෂකයින් ලබා ගන්නා ලෙසය. ඉහත රක්ෂණ සමාගම් වලටද මෙය මහත් අස්වැසිල්ලක් විය.

ආසියානු සහ අප්‍රිකා කළාප දෙක සහ ඉන්දියානු සාගරයේ නාවික ගමනාගමනය දෙස බලන විට ලංකාවට හිමිව ඇත්තේ සුවිශේෂී තැනකි. සියළු නාවික ගමනාගමයන් වැටී ඇත්තේ ලංකාවට නුදුරු මුහුදින් ය. ලංකාව පසු කරමින් අරාබිය දෙසට ඇදෙන නැව් වලට ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයක් පවතින නිසාවෙන්, ඉහත කී ආරක්ෂක සේවාවන් ලබා ගත යුතුව ඇත්තේ ලංකාව ආසන්නයේදී ය. එසේම නැගෙනහිර ආසියාව දෙසට යන නෞකාවන් සිය ආරක්ෂක වැඩ කටයුතු අහවර කළ යුත්තේද ලංකාව අවට මුහුදේ දීය.එබැවින් පෙර කී බටහිර ආරක්ෂක සමාගම් වල අවධානය ලංකාව වෙතට වැඩි වැඩියෙන් නැබුරු විය. ඔවුන් මේ සඳහා මූලිකවම යොදා ගත්තේ ගාලු ප්‍රදේශය සහ ගාලු වරායයි.

ගාලු ප්‍රදේශය අවට විදේශික ආරක්ෂකයින් බහුලව ගැවසෙන විට, මෙරට පෞද්ගලික ආරක්ෂක සමාගම් වලටද මෙහි රස වැටුණි.රුපියල් තිස් හතලිස්දාහකට දේශීය සමාගමකට ආරක්ෂකයින් සපයනවාද, නැතිනම් ඩොලර් ලක්ෂ ගණනකට මෙම විදේශීය ආරක්ෂක සේවාවන් වලට සේවය සපයනවාද යන්න බොහෝ ආරක්ෂක සේවා සපයන්නන් අතර ඒ දිනවල බහුලව කථා බහට ලක්වුණු මාතෘකාවකි.

පුද්ගලික ව්‍යාපාරික ආයතනයක් වූ ඇවන්ට ගාර්ඩ් සමාගම, මෙම නාවික ආරක්ෂණ සේවාවන්ට මුට්ටිය දමන්නේ හරිම අපූරු ක්‍රමයකටය.එක විටම තම ආරක්ෂකයින් මේ සඳහා යොදවනවා වෙනුවට, ආන්දෝලනයට ලක්වූ ඇමරිකානු පෞද්ගලික ආරක්ෂණ ආයතනයක මෙරට පහසුකම් සළසන්නා ලෙස ඔවුන් එක්වන්නේ 2005 – 2010 අතර කාලයේදීය. ඔවුන්ට කළ යුතුව තිබුනේ සේවය අහවර කර මෙරටට එන විදේශීය ආරක්ෂකයින්ට පහසුකම් සැපයීමත්, නැවත ඔවුන් නැවක සේවයට අනුයුක්ත කිරීමත් පමණි.

2009 දී යුද්ධය අහවර වීමත් සමඟ එකල පැවති රජයේ විවිධ පුද්ගලයින්ගේ අවධානයද විශාල ව්‍යාපාර දෙසා එල්ල විය…ඇමරිකානු සමාගම් වල ආකල්ප හොඳින් වටහා ගෙන සිටි එවක රජයේ ප්‍රබලයින් මෙම විදේශීය ආරක්ෂක සමාගම් වලට යෝජනා කරන්නේ ලංකාව මෙම කටයුතු වලට යොදා ගන්නේ නම් ඒ සඳහා ලංකාවෙන්ද පුද්ගලයින් ගත යුතු බවත්, විදේශිකයන් ප්‍රමාණය අවම කළ යුතු බවත් ය.. එසේ කොන්දේසි පැනවූවා පමණක් නොව, එම සේවා සැපයීම කළ හැක්කේ කාටදැයි කියා අර්ථ කථනය කර ඒ සඳහාම වන සුවිශේෂී බලපත්‍ර ක්‍රමයක් ද හඳුන්වා දෙන්නේය..

බොහෝ ආයතන මේ සඳහා අයදුම් කළ ද, වියාපාරික හැකියාවත් පිරිස් බලයත් අතීත ක්‍රියාකාරකම් අනුවත් ,විදේශීය ආරක්ෂක සමාගම් වල හොද හිත දිනා ගැනීමත් යන කරුණු අනෙක් සමාගම් විසින් සපුරවාලිමට අසමත් විඉමත් නිසාවෙන් අවසානයේදී ඒ සඳහා අවසර ලැබෙන්නේ ඉහත කී ඇවන්ට් ගාර්ඩ් සමාගමට ය.

ලංකාව තුළ හෝ ඉන් පිටත යම් කිසි ආරක්ෂණ කටයුත්තකට දේශීය පෞද්ගලික සමාගමක් සහභාගී වේද, ඒ සඳහා වන අවි ආයුධ ඔවුන් ලබා ගත යුත්තේ රාජ්‍යය ආරක්ෂණ අමාත්‍යාංශය හරහාය.දැනට සිදුවන්නේද ඒ ක්‍රියා පටිපාටියට අනුකුලවයි. පසුගිය දින 100 ආණ්ඩුව සමගද මෙම ඇවන්ට්ගාඩ් සමාගම ගිවිසුම් ගතව සියලු කටයුතු පෙර පරිදිම සිදුකරගෙන ගියේය. ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ ඇවන්ට්ගාඩ් සමාගමේ සියලු කටයුතු සිදු විය.  ( යහ පාලනයත් ඈවන්ගාඩ් සමග දින 20 කට පෙර ගිවිසුම් ගහලා )

ඉන්පසු මාස ගනනක් ගෙවීගිය පසු මේ පිළිබද කරලියට එන්නේ සිරස මාධ්‍ය ජාලය විසින් මෙය රටේ ආරක්ෂාවට තර්ජනයක් බව බ්‍රේකින් නිව්ස් ලයින් අප් කරමින් ජනතාව අතර විරෝධයක් මතුකර ඔවුන්ට හිමි කැපිටල් මහරාජා සමාගම විසින් මගින් ඔවුන්ගේ ආරක්ෂක සමාගමක් පිහිටුවා එය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය වරයාගේ හිතවතියක මාර්ගයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ ලියාපදිංචියට යැවීමත් සමගය. මෙම ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයාට පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී මෙම නාලිකාව මගින් පුළුල් ප්‍රචාරයක් නොමිලේ ලබාදුන්නේ උක්ත කරුණ මුදුන්පත් කරවාගනිමටය.

පසුව මෙම මාතෘකාව කරලියට ගෙන එන ලද්දේ අනුර කුමාර පාර්ලිමේන්තුවේ කරන ප්‍රකාශයත් සමගිය, එනම් මෙයද සිරස කැපිටල් මහරාජා සමුහයේ හිමිකරු රාජේන්ද්‍රන් රාජා මහේන්ද්‍රන් ගේ මෙහෙයවීම පරිදි එම මන්ත්‍රී වරයා කටයුතු කිරීමයි. තම පක්ෂයේ ප්‍රධාන දෙශපලකින චරිතය වූ සෝමවංශ පක්ෂයෙන් නෙරපීමේ කොන්තරාත්තුව මෙම මාධ්‍ය හිමිකරු විසින් ඉටුකර දීමත්, ඔවුන්ගේ ප්‍රකාශ සදහා මෙම මාධ්‍ය නාලිකාව මගින් ලබාදෙන පුළුල් ප්‍රචාරය හේතුකොට ගෙන කෘතගුණ දැක්වීමේ ප්‍රතිපලයක් ලෙස රටේ අනෙකුත් ප්‍රශ්න අභිබවා මෙම ප්‍රශ්නය මතුකර ගැනීමත් ඒ වෙනුවෙන් මෙම නාලිකාවේ ගුවන් කාලය අසීමිත ලෙස ලබාදීමත්ය.

ඉහත කරුණු සැලකිල්ලට ගත්කල පාටක ඔබට වැටහෙන කරුණ අප අමුතුවෙන් කිව යුතු නැත. එනම් මෙම ඇවන්ට්ගාඩ් ආයතනය පිළිබද ගෝනිබිල්ලෙකු මවා රටේ ජනතාව නොමග යවන්නේ කුමකටද යන්න ඔබට වැටහෙනවා ඇත.මෙම නාලිකාවත් එහි ගුවන් කාලය අසීමිතව ලාබාදී පුම්බන දේශපාලන චරිත පිලිබදවත් දීර්ග විස්තරක් ඔබ වෙත ඉදිරියේදී ගෙන එන පොරොන්දුව මත මෙම ලිපියේ අවසානය මෙසේ සනිටුහන් කරන්නෙමු.

ලංකාවේ දේශපාලනය තුල ගෝනිබිල්ලන් මැවීම අද ඊයේ සිට සිදු නොවන්නකි. මෙම ගෝනිබිල්ලන් මවා දශක කීපයකම ජනතාව සහ රට විශාල අගාදයකට ගෙන දැම්මේද සමාජවාදය තම බඩගෝස්තරවාදය කරගෙන ඒ වෙනුවෙන් ගෝනිබිල්ලන් මවා ජනතාව මුලා කල දේශපාලන චරිත සහ පක්ෂ නිසාය.

පසුගිය දිනවල ඇවන්ගාඩ් නමැති පල ඇති රුක්ෂයට ගල් ගසන්නට අප ඉහත සදහන් කල කණ්ඩායම විසින් ජනතාව සහ විවිධ චරිත ගොනාට අන්දා ඔවුන්ගේ සිරස සිරස විසින් පාවිච්චි කළේය. අවසානයේ සිදුවුයේ වෘක්ෂයට ගල් ගැසීමෙන් වැටුණු පල කැපිටල් මහරාජා සමුහය සහ අවස්තාවදී දේශපාලකයන් විසින් අහුලා ගැනීමය.

අපට රටේ ජනතාවට කියන්නට ඇත්තේ

“ඔබට නොදැනී ඔබ විකෙනෙන අමුතු රටක් ඕයි මේක”

 

dfr

 

 

විශේෂ ලියුම් කරුවෙකු විසින්  එවන ලදලිපියකි