බේබදුකමෙන් ලොව අංක 1 ලංකාව

ඒක පුද්ගල මත්පැන් පරිභෝජනය අතින් අංක එක බවට ශ්‍රී ලංකාව පත්වෙයි. එමෙන්ම මත්පැන් පරිභෝජනය කරන රටවල් අතරින් 4 වන ස්‌ථානයද ශ්‍රී ලංකාව සතුය.

ලුණුගල ලෝණගිරි රජමහා විහාරස්‌ථානයේ පැවති මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ වැඩමුළුවේදී සිවිල් ආරක්‌ෂක දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ පුහුණු උපදේශක එරන්ද ශ්‍රීලාල් මහතා මේ බව හෙළි කළේය.

තවදුරටත් අදහස්‌ දැක්‌වූ එරන්ද ශ්‍රී ලාල් මහතා

සුදු ජාතිකයන් අපේ රට අල්ලා ගන්නට කලින් ඕස්‌ට්‍රේලියාව අල්ලා ගත්තේ. එතකොට ඕස්‌ට්‍රේලියාවේ හිටියේ ඇබෝජියන්වරු. මොවුන් අල්ලා ගන්න පහසු වුණේ නෑ. ඇබෝජියන්වරු සුදු ජාතිකයන්ට විරුද්ධව කැරැලි ගැහුවා. මේ නිසා වෙනත් උපක්‍රම යොදාගෙන මොවුන් අල්ලා ගන්න සුදු ජාතිකයන් කල්පනා කළා.

ඔවුන් ඕස්‌ට්‍රේලියාවේ හැම තැනම මත්පැන් බාර් දාලා නිකන් බොන්න දුන්නා. මිනිස්‌සුත් ගිහින් නිකන්  බොන්න පටන් ගත්තා. ටික කාලයකින් ඔවුන් සියලු දෙනාම බේබදු ජාතියක්‌ බවට පත් වුණා.

සුදු ජාතිකයන් ඕස්‌ට්‍රේලියාවේ පාලනය මුළුමනින්ම අල්ලා ගත්තා. ඇබෝජියන්වරු පාරේ හිඟා කන තත්ත්වයට පත් වුණා. සුද්දෝ මේකම ලංකාවෙත් අත්හදා බලන්න පටන් ගත්තා. ඔවුන්ගේ බලය ව්‍යාප්ත වෙලා තිබුණු හැම තැනම බාර් විවෘත කරලා නිකන් බොන්න දෙන්න පටන් ගත්තා. අපේ අයත් නිකන් බීලා බේබදුකමට හුරුවෙන්න පටන් ගත්තා. මිනිස්‌සු අතර තිබූ ජාතික හැඟීම, ජාතික සමගිය නැතිවෙන්න පටන් ගත්තා.

මේකෙන් වන හානිය අනගාරික ධර්මපාලතුමා, කලුකොඳයාවේ හාමුදුරුවෝ, ඩී. බී. ජයතිලක, ඩී. එස්‌. සේනානායක වැනි නායකයන් දැකලා ගමින් ගමට ගිහිල්ලා මිනිස්‌සු දැනුවත් කළා. විහාරස්‌ථානය මුල් කරගෙන අපේ මහා සංඝරත්නය මේ පිළිබඳ ජනතාව දැනුවත් කළා. ඒ නිසා සුද්දන්ට ඕස්‌ටේ්‍රලියාවේ කරපු දේ ලංකාවේ කරන්න බැරි වුණා.

Feetured