පරාජිත සේනාරත්න කියන්නේ කප්පං ගත්ත එකෙක්

තම සමාගම හොර අවි ජාවාරම් කලේ නම් අද නාවික හමුදාව සිදු කරන්නේද හොර අවි ජාවාරමක් විය යුතු බව ඇවන්ගාඕ මුහුදු ආරක්‍ෂන සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ලොව කිසිම රටක හමුදාවක් ව්‍යාපාර සිදු නොකරන බවත් හමුදාවන් සිදු කරන්නේ ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් කටයුතු කිරීම බවත්ය.

සේනාධිපති මහතා මෙම අදහස් පලකර සිටියේ දෙරන මොකද වුණේ වැඩසටහන සමග එක්වෙමිනි. එහිදී ඇතිවු සංවාදය පහත පරිදිය.

නිශ්ශංක මහත්තයා මොකද වුනේ ඇවන්ගාඞ් සමාගමට ?

දැන් මම කරනකොට හොර අවි ජාවාරම නම් එම වෙපන්ම, එම නැවෙන්ම අත්අඩංගුවට අරගෙන නාවික හමුදාව කරද්දී ඒක කොහොමද නීත්‍යානුකූල දෙයක් වුණේ ?

එතකොට ඔබතුමා කියන විදියට නීතයානුකූල අවසරයක් ඇතුවද මේක පටන් අරන් තියෙන්නේ ?

2015 ඔක්තෝබර් මස 20 වැනි දින. ඉතින් ඒක නීත්‍යානුකූල නැත්නම් මේ ආණ්ඩුවෙනුත් ඒ එක්කෝම දාලා මේ අත්සන් කරලා ඇග‍්‍රී වෙලා තියෙනවා නේ.

දැන් ඔබතුමා කියනවා මේක මෙච්චරටම නීතිවිරෝධී නැහැ කියලා. එහෙනම් මොකටද මේ ජනාධිපතිතුමා මේක ඇවන්ගාඞ් සමාගමෙන් ඉවත් කරලා නාවික හමුදාවට බාර දෙන්නේ ?

එතුමට මේ කරපු කෑ ගැහිල්ල, යටින් ඇතුලට ගිහිල්ලා යටි ගිරියෙන් කැ ගහපු අනිත් ඇමතිවරැු බය වුණා කතා කරන්න. මේ එක එක්කෙනාගේ අදහස් අරන් මේක තවත් 4 දෙනෙකුට කඩලා දෙන්න තමයි කරලා ජනාධිපතිතුමාව අසරණ කෙරෙව්වා. එතුමා මම දන්න හැටියට නම් හිතකින් නම් මේ වැඬේ කරන්න නැතුව ඇති.

ඇයි මේ කාලෙක ඉදන් නාවික හමුදාව කරගෙන ගිය ව්‍යාපාරයක් ඔබතුමාට ලබාදෙන්නේ ?

ලෝකේ නාවික හමුදාවල් කිසිම රටක බිස්නස් කරන්නෑ. නාවික ආඥා පනත අරගෙන බලන්න. ඒකේ බිස්නස් කිරීම සම්පූර්ණ තහනම්. හිටපු ආරක්ෂක ලේකම්තුමා එයාට සම්පූර්ණ අයිතිය තියෙනවා. මේක නාවික හමුදාවට දුන්නෙත් ඒ ගොල්ලෝ. ඒ ගොල්ලන්ගෙන් ගලවලා බාර දුන්නා රක්නා ලංකා එකට. මට නෙවෙයි. ඒ ගොල්ලෝ කරන්න දන්නේ නැති නිසා මට කතා කරා. මොකද ඒ වෙනකොට ලෝකෙ ෆ්ලොටින් ආමර් දෙකක් ඩිප්‍රොලොයි කරලා තිබ්බේ ‍මම විතරයි රතු මුහුදෙයි, මෙහෙයි ලංකාවේ අවි ආයුධ ආරක්ෂා කරන්න.

මෙච්චර ලාභ ලබන ව්‍යාපාරක් නාවික හමුදාවට තියෙද්දී ඇයි මේ ඇවන්ගාඞ් සමාගමට මේක දෙන්නේ ?

මම හම්බකරන්න ඉස්සෙල්ලා නාවික හමුදාව අවුරැුදු 3යි මාස දෙකක් දුවලා ලංකාවට හම්බකරලා තියෙන්නේ රැුපියල් බිලියන 1.8යි. මම 2015 දෙසැම්බර් 31 වෙනිදා වෙනකොට ගෙනල්ලා තියෙනවා බිලියන 8ක්. ඉතින් කවුද වැඩියෙන් හම්බකරලා තියෙන්නේ. නාවික හමුදාවද ? අපිද ? එතකොට මේ මුහුදේ නැව තියෙද්දී මුදුහට මිනිස්සු එන්නේ. දැන් මේ බලන්නකෝ නාවික හමුදා කදවුරේ විදේශියකයන් උදේ ඉදලා හැන්ද වෙනකන්, පාන්දර එළිවෙනකන් යනවා වෙපන් ගන්න යන්න. ලෝකෙ මොන රටේ හමුදාවක් ඇතුලටද විදේශිකයන්ට යන්න එන්න දෙන්නේ ඕන විදියට. අරකට මෙලෝ හසරක් දන්නේ නැතුව විදේශිකයෝ අප් ඇන්ඞ් ඩවුන් යනවා නම් එතකොට ඒක ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෙවයි ද? මේ අයි.එස් ප‍්‍රශ්න තියෙනවා දැන්, අල් ක්වයිදා ප‍්‍රශ්න තියෙනවා, ත‍ලේබාන්ලා, කොයි වෙලාවක හරි කනවා.

ඇවන්ගාඞ් සමාගමට මේ ව්‍යාපාරය ගන්න හිටපු ජනාධිපතිවරයාට මිලියන 500 දුන්නයි කියලා කතාවක් තියෙනවා. ඇත්තද කතාව ?

අන්න බොහොම හොද ප‍්‍රශ්නයක්. මම කරේ සිකියුරිටි බිස්නස් එකක්. හරිද. එහෙම මිලියන 500ක් තිබ්බා නම් 2010 මගේ ගේ සින්න වෙන්න යන්නෑ නේ. ඉලෙක්ෂන් එකේදී මං උදව් කරලා තියෙනවා අර අනිත් කට්ටිය වගේ පොඩි ගාණක් දීලා. මට තිබුන්නෑ සල්ලි එච්චර උදව් කරන්න. ඔප්පු කරන්න කියන්නකෝ.

ඔබතුමා ඡුන්ද ව්‍යාපාරයට පමණද උදව් කරලා තියෙන්නේ ?

නැතුව ඉතින් එයාගේ ලඟ ව්‍යාපාර වලට සල්ලි දාලා තියෙනවා නම් ඉතිං හොයන්න කියන්නකෝ බලන්න.

එතකොට හිටපු ජනාධිති ආර්යාවගේ සිරිලිය ගිණුමට සහ කාල්ටන් පෙර පාසලේ ගිණුමට ඔබතුමා සල්ලි බැර කරලා තියෙන්නේ ඇයි ?

ඔව් ඔව් දැන් ඉතිං මම හිතන්නේ ඒක ජාතික අපරාධයක්ද මේ අහිංසක දුප්පත් කන් අහෙන්නේ නැති අඳ-ගොළු-බිහිරි ළමයින්ට උදව් කරන එක. ඕකට විතරක් නෙවෙයි. වජිර ළමා නිවාසේ ඉන්නවා ළමයි 175ක්. කන්න බොන්න දෙන්නේ මාසෙට දවස් 10ක් අපි. ඉතිං දැන් මේක ජාතික අපරාධයක්ද ?

ඇයි ‍මේ ඔබතුමා මන්ත‍්‍රීවරුන්ට අල්ලස් ලබා දෙන්නේ ?

කවුද කියන්නේ මං අල්ලස් ලබා දුන්නයි කියලා ?

ඒ කියන්නේ ඔබතුමා අල්ලස් ලබාදීලා නෑ.

කිසි කෙනෙකුට මං අල්ලස් දීලා නෑ. හැබැයි කප්පන් ගත් එකෙක් ගැන තමයි මං අර කිව්වේ පරාජිත සේනාරත්න කියලා. එයාගේ මුදල් විශුද්ධිකරන හොයන්න වෙනවා දැන් හරියට මේ රටේ නීතියක් තියෙනවා නම්. නීතියක් තියෙනවා ඒ නීතිය කරන්න දෙන්නෑ. එතකොට කොහෙන්ද මෙයාට මේ නැව් ගත්තේ. මේවට ටැක්ස් ගෙව්වද ? මේ විදේශ විනිමය ‍කොහෙන්ද මේ පඩි නඩි අපිට ගෙව්වේ. දොන් අනුරාධ සෙනෙරත්ට කොහොමද 60% අයිති වෙන්නේ සහ මෙම නැව්වල ගත්ත මත්ස්‍ය ආදායම කාටද ගියේ. මුහුදේ නැව්වල පටවලා ඇරියේ. කවුද ඕවා පැමිණිලි කරන්නේ. රාජිතට බයයි. රාජිත අවුරුදු දෙකක් තිස්සේ එයාගේ නැව් වලට මේකෙන් සිකුරුටි දීපු එක ගැන මොකද කියන්නේ. මට කියලා ගාණත් අඩු කර ගත්තා. ඊට පස්සේ එතුමාගේ මිනිස්සු දාන්න කියලා මට ලිවුම් එවලා තියෙනවා. එතකොට නීත්‍යානුකූලයි ඇවන්ගාඞ්.

ඔබතුමා හිතන්නේ මේ ව්‍යාපාරය නැවත වතාවක් ඇවන්ගාඞ් සමාගමට ලබා දිය යුතුද ?

අනේ මේ මට මං අන්තර්ජාතික නීතියත් එක්ක කටයුතු කරගෙන යනවා. මට වෙච්ච පාඩු ඒවා ඔක්කොම මම ක්ලේම් කරනවා. මට ඒවා ලැබුනොත් මම ඒකෙන් කරන්නේ ඒවා බැංකුට දාලා ඒ බැංකුවෙන් ලැබෙන පොලියෙන් මේ මිනිස්සුන්ට ජීවත් වෙන්න සල්ලි ගෙවනවා. ඒක මං කරනවා. මේ රටේ ආයේ මං තේ වතුර කඩයක්වත් කරන්නෑ. තේරැුණාද ? ඒකත් ෂුවර් නෑ හෙට උදේ ගනීද කියලා..

https://youtu.be/ipIRqQ2VVAU

 

gossipsinhalanews