අනුරගේ කට කැඩිච්ච කතාවට මාධ්‍යවේදී ජ්‍යෙෂ්ඨයෙක් පිලිතුරුදෙයි

මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ජවිපෙ නායක අනුර දිසානායක මහතා චෝදනා කර සිටියේ ඇවන්ට් ගාඩ් සම්බන්ධයෙන් ඔහු කී ප්‍රකාශ මාධ්‍යවේදීන් විසින් වාර්තා නොකරන බවත් එනිසා මාධ්‍යවේදීන් ඇවන්ට් ගාඩ් සමාගමෙන් මුදල් ලබාගෙන තිබෙන බවයි. ඔහු සතුව ඒ සම්බන්ධ සාක්කි තිබෙන බවත් අනාගතයේදී ඒවා හෙලිකරන බවත් අනුර දිසානායක මහතා පවසා තිබිණ. පසුගිය රජය විසින් මාධ්‍ය මර්දනය කරද්දී කතා කරන්නට සිටියේ තමා පමණක් බවද අනුර දිසානායක කියා සිටියේය. මාධ්‍යවේදීන් මුදල් ගන්නා බවට චෝදනා කළ අනුර දිසානායක මහතා මුදල් ලබා ගත් බවට හඬ පට සාක්කි සහිතව හෙලිකළ රාජිත සේනාරත්නගේ මුදල් ලබා ගැනීම ගැන වචනයක් හෝ කතා නොකෙළේය.

අනුර දිසානායක මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ලංකා ඊ නිව්ස් වෙත අදහස් දැක්වූ මාධ්‍ය මර්දනය පිලිබඳ මනා අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් පවසා සිටියේ අනුර දිසානායක ජවිපෙ පූර්ණකාලිකයෙකු සේ ක්‍රියා කරද්දී ජවිපෙ විසින් කොමියුනිස්ට් පක්ෂයේ ‘ඇත්ත‘ පුවත් පත් කාර්යාලය දෙවතාවක්ද, සමසමාජ පක්ෂයේ ‘ජනදින‘ පුවත් පත් කාර්යාලය දෙවතාවක්ද ගිනි තැබූ අතර ‘ජනදින‘ කර්තෘ සහ ප්‍රකාශකයා වූ ‘විමලසේන සහෝදරයා‘ ජනදින කාර්යාලය තුලදීම වෙඩි තබා ඝාතනය කළ බව අනුර දිසානායක ට අමතක වූවාට මේ රටේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ට අමතක නැති බවයි. එකළ ද ජවිපෙ මාධ්‍යවේදීන් මරා දැම්මේ ‘තමන් කියන දේවල් වාර්තා නොකරනවා‘ යි අද සිටින මතයේම එල්බගෙන බවත් මාධ්‍යවේදීන් පමණක් නොව පත්තර විකිණූ පත්තර කඩ කාරයා පවා ඝාතනය කළ බවත් අද දක්වා අනුර දිසානායක සහ ජවිපෙ නායකයන් ඒ සම්බන්ධයෙන් විපතට පත් කිසිවෙකුගෙන් වචනයකින් හෝ සමාව ඉල්ලා නැති නමුත් ඝාතකයන් සෑම වසරකදීම සමරන බවත් මාධ්‍යවේදී ජ්‍යෙෂ්ඨයා පැවසීය. එදා ආණ්ඩුව විසින් ඝාතනය කරන ලද තම ඝාතක නායකයන් පහන් දහසක් දල්වා සමරද්දී ඒ ඝාතක නායකයන්ගේ නියෝග මත ඝාතනය කරන ලද දහස් ගණනක් වූ සිවිල් වැසියන් හෝ ඝාතනය කරන ලද හෙන්රි පමුණුව, විමලසේන වැනි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් වෙනුවෙන් එක පහනක් හෝ දැල්වීමට සාධාරණ යයි කියා ගන්නා ජවිපෙට හෝ වත්මන් නායක අනුර දිසානායකට සදාචාරයක් නොමැති වීම ගැන කණගාටු වන්නේ යැයි ද ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා වැඩි දුරටත් කීය.

sdss

 

lankaenews