යශෝධාගේ පළමු පොත

මෙරට බිහි වූ සාර්ථකම සාහිත්‍යමය බ්ලොග් අඩවි අතුරින් එකක් වන “බස්සීගේ නවාතැන” අඩවියෙහි කතුවරිය වන යශෝධා සම්මානි ප්‍රේමරත්නගේ ප්‍රථම කාව්‍ය ග්‍රන්ථය එළිදැක්වීම ලබන 12 වැනි සෙනසුරාදා පැවැත්වීමට කටයුතු සූදානම් කොට තිබේ.

“ඉතා කෙටි කලබල සිහින” ලෙසින් නම් කොට ඇති මෙම ග්‍රන්ථය එදින සවස 3.00ට මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී එළිදැක්වෙන අතර ප්‍රවීණ ලේඛක අනුරසිරි හෙට්ටිගේ, ප්‍රවීණ දේශක හෂිත අබේවර්ධන සහ රාජ්‍ය සම්මානලාභී නව පරපුරේ කිවියර සෞම්‍ය සඳරුවන් ලියනගේ යන අය එම අවස්ථාවට දේශකයින් ලෙස සහභාගී වේ.

s