ප්‍රවීණ ගී පද රචකයකු මෙන්ම නිවේදකයකු ද වන ප්‍රේමකීර්ති ද අල්විස් මහතා සිහිපත් කරමින් ප්‍රේමකීර්ති ද අල්විස් නිල වෙබ් අඩවිය (http://www.premakeerthidealwis.org) විවෘත කිරීම ඊයේ (10) පස්වරුවේ මහරගම යොවුන් රගහලේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් විවෘත කෙරුණි.
එහිදී වෙබ් අඩවිය විවෘත කිරීමට සමගාමීව හද ගී පොතේ පද රස වින්දන, වර්ණ ප්‍රසංගයක් ද පැවැත්විණි.
මෙම අවස්ථාවට අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක්ද, ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ බිරිද, පුතණුවන් සහ පවුලේ ඥාතීන්ද එක් විය.
(ඡායාරූප : ජනාධිපති මාධ්‍ය අංශය)