චර්ම රෝගයක් දිවයින පුරා සීග්‍රයෙන්

සුව කිරීමට සඳහා මෙතෙක් නිසි ප්‍රතිකාර ක්‍රමයක් සොයා නොගත් චර්ම රෝගයක් දිවයින පුරා සීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය එස්.එම්.කුලරත්න පවසයි.

ඔහු අනාවරණය කළේ පරිසරය තුළ බහුලව හමුවන කෘමියෙකු මගින් මෙම චර්ම රෝගය පැතිර යන අතර මුලින් සමේ කැළලක් වශයෙන් ආරම්භ වී පසුව ශරීරය පුරා පැතිරයාමක් සිදුවන බවයි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මෙහෙයවීමෙන් ගැටඹේ පැවැති නිවර්තන කලාපීය වෛද්‍යවරුන්ගේ සමුළුව නිමිත්තෙන් පැවැති මාධ්‍ය හමුවේදී මහාචාර්යවරයා මේ බව ප්‍රකාශ කළේය.

ලෙයිෂ්මැනියාෂිස් ( Leishmaniasis) ලෙස හදුන්වන මෙම රෝගය වැලි මැස්සා (sand flies) නම් කෘමියා මගින් සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බවත් මුල් අවධියේදී මෙරට නැගෙනහිර මුහුදු කලාපයෙන් මෙම රෝගය වාර්තාවී ඇති බවත් කුලරත්න පැවසීය.

අසල්වැසි ඉන්දියාවේ පවතින මෙම රෝගය ශ්‍රී ලංකාව තුළ පැතිර යමින් ඇති බවත් එය වයස් භේදයෙන් ‍තොරව ඕනෑම අයෙකුට වැළදීමේ අවදානමක් පවතින බවත් මහාචාර්යවරයා අවධාරණය කළේය.

3

(අසේල කුරුළුවංශ)