තිදරු මව සෞදියේදී සමූහ දූෂණයට

සෞදි අරාබියේ ගෘහ සේවයේ යෙදි සිටියෙදි නිවසේ හාමිපුතා ඇතුළු එම නිවසේ පදිංචි තවත් දෙදෙනෙකු විසින් අවස්ථා කිහිපයකදි දූෂණයට ලක්වු බව පවසමින බගවන්තලාව රෝබිගිල් වතුයායේ තිදරු මවක් නාවලපිටිය මුලික රෝහලට ඇතුලත් කර තිඛෙනවා. මරදානේ පිහිටි විදේශ රැකියා ආයතනයකින් ඉකුත් වසරේ ගෘහ සේවයට ගොස් ඇති තිස්තුන් හැවිරිදි මෙම තිදරු මව මෙම ලිංගික අතවර හේතුවෙන් තමන් විදින පිඩා හමුවෙි ඉකුත් නොවැමිබර් මාසයේ දිවයිනට පැමිණ මෙි පිළබදව එම ඒජන්සියට ගොස් පැමිණීළී කිරිමෙන් පසු මෙි පිළීබදව තමන් පදිංචි ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ පැමිණීල්ලක් කරන ලෙස ලද උපදෙස් මත මෙම කාන්තාව විසින් බගවන්තලාව පොලිසිය වෙත පැමිණීලි කිරිමෙන් පසු එම කාන්තාව නාවලපිටිය අධීකරණ වෛද්‍යවරයා වෙත යොමුකර තිඛෙනවා. එම වෛද්‍ය වාර්තාවත් සමග පැමිණීල්ලේ වැඩිදුර විභාගය සදහා විදේශ සේවා නියුක්ති කාර්‍යශයේ පොලිසිය වෙත යොමුකරන බවයි බගවන්තලාව පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවෙි.

4

(හැටන් රංජිත් රාජපක‍ෂ)