ශිරාල් කෑ පතේ පහරයි…

 

ශිරාල් ලක්තිලක යනු මේ වන තෙක් එකදු මැතිවරණයකින්වත් ජයග්‍රහණය කිරීමට නොහැකිවුණු එක්සත් ජාතික  පක්ෂයේ ජයග‍්‍රහණයට ඇති එකම බාධාව ලෙස ‘නායකයා’ හඳුනාගත් අයෙකි.

අවසානයේ නායකයා වෙනස් කිරීමට අරගල කල ශිරල්ගේ පතිවත මාතර දී කෙලෙසුන බව අපට මතකය. ඒ තමන්ගේ හිතෙෂී සඟයා වූ මෛත්‍රී ගුණරත්නගේ පියාණන් වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල උපදේශකයෙකු වූ හර්මන් ගුණරත්න විසින් එජාපයේ පිරිසකට වෙඩි තැබූ සිද්ධියෙනි.

අවසානයේ රනිල් පක්ෂයට ආදරය නැති බවත් රනිල් දිනන්නේ නැති බවත් තමන් පාක්ෂිකයන්ට බොක්කෙන් ම Love බවත් කී ශිරාල් පක්ෂයේ පොදු මතයට විරුද්ධව කි‍්‍රයාකිරීම හේතුවෙන් පක්ෂ සාමාජිකත්වය අත්හිටුවනු ලැබූ පසු නැවතුනේ මෛත්‍රීපාල සිරිසේන අසලය.

ඒ මෛත්‍රීපාලට තමන් පොරක් බව අඟවමිනි. එහෙත් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය උපදේශක කමිටුවේ සාමාජිකයෙකු වන ශිරාල් තම පෞද්ගලික කෝන්තර හා වෛරයන් පිරිමසා ගැනීමේ දීන ක්‍රියාවලියක නිරත වන බව අප හෙළිදරව් කලේ වරක් දෙවරක් නොවේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග බද්ධ වෛරයකින් කටයුතු කරන ශිරාල් රනිල් – මෛත්‍රී හවුල බිඳ දැමීමට කුමන්ත්‍රණය කිරීය.

ඒ ස්වාධීන රූපවාහිනියේ හිටපු සභාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක, ලේක්හවුස් ආයතනය හා එහි සභාපති කාවන් රත්නායක මෙන්ම අලුතින් පත්කරන ලද කතුවරුන් පිළිබඳව ජනාධිපතිවරයාට කේලාම් කියමිනි.

ශිරාල් දැන් දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට විරුද්ධව මාධ්‍ය මෙහෙයුමක් දියත් කර තිබේ.

ඒ ශිරාල් ලක්තිලකගේ ගෝලයෙක් වන හසිත මනන්දුව නම් ජනාධිපති මාධ්‍ය අංශයේ පුද්ගලයෙකු හරහාය. අදාළ පුද්ගලයා විසින් මෙහෙයවන වෙබ්අඩවියක් හරහා එම මාධ්‍ය මෙහෙයුම දියත් කරන අතර ඒ සඳහා ෆේස්බුක් වෙත මුදල් පොම්ප කරමින් ද සිටියි.

මෙම මෙහෙයුමේ තවත් කොටසක් වන්නේ එජාපය වෙත මඩ ප්‍රහාරයන් එල්ල කිරීමයි.

12395169_882100581897761_469148053_n 12358000_882100791897740_198923385_n

shiral

574453_10152313737045604_761660172_n

ශිරාල් ලක්තිලක මෙවැනි දීන, නිහීන තත්ත්වයකට පත්වී ඇති ආකාරය ඉතාම ශෝචනීය වුවත් අපට කීමට ඇත්තේ උපන් ගෙයි ගහලයෙක් වන ශිරාල් යනු ගහලයෙක් බව තේරුම් ගැනීම මෛත්‍රීපාලගේ දේශපාලන අනාගතයට හොඳ බවය. 

gossiplankapolitical