මේජර් ජනරාල් කැප්පෙටිවලාන බාල්දියක් පෙරළාගෙන

පාකිස්තානයේ ජාතික ආරක්ෂක පුහුණු පාසලේ පාඨමාලාවක් හැදෑරීමට ගොස් සිටින මේජර් ජනරාල් කැප්පෙටිවලාන මහතා එරට ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට අනුයුක්තව සේවය කරන ආරක්ෂක උපදේශකවරයාට පහර දීමට කළ උත්සාහයක් සම්බන්ධ පරීක්ෂණය යට ගැසීමේ උත්සාහයක් ක‍්‍රියාත්මකව ඇති බව වාර්තා වේ.

පසුගිය දෙසැම්බර් 05 වන දින ඉස්ලාමාබාද් නුවර පැවැති ආරක්ෂක අංශ සම්බන්ධ ප‍්‍රදර්ශනයක් සඳහා ශ‍්‍රී ලංකාව වෙනුවෙන් වූ ප‍්‍රදර්ශන කුටියකට අවශ්‍ය ඡායාරූප ආදිය එරට ශ‍්‍රී ලංකා කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක අංශ උපදේශක බි‍්‍රගේඩියර් සෙනරත් බණ්ඩාර මහතා මඟින් කැප්පෙටිවලාන මහතා ලබාගෙන ඇත. එහෙත් එම ඡායාරූප නැවත ලබා දීම සිදු නොකිරීම නිසා ඒවා නැවත ලබා දෙන ලෙස බණ්ඩාර මහතා කිහිපවතාවක්ම දැනුම් දී ඇත.

ඉන් පසුව මීට දින කිහිපයකට පෙරදා රාත‍්‍රියක බණ්ඩාර මහතාගේ නිවසට බීමතින් පැමිණි කැප්පෙටිවලාන මහතා එහි දොරවල් කඩා, බඩු භාණ්ඩ බිඳදමා මරණීය තර්ජන සිදු කර ඇත. විශේෂයෙන්ම විදේශ තානාපති කාර්යාල නිලධාරීන් වෙනුවෙන් වෙන් කර තිබෙන නිවාස ඇතුළත් කලාපයක මෙම නිවස පිහිටා ඇති අතර එදින රාති‍්‍රයෙහි වූ මේ කලහය නිසා තව විදේශ රාජ්‍ය කිහිපයකම නිලධාරීන් මෙය බේරුමක් කිරීම සඳහා මැදිහත්ව ඇති බවත් පැවසේ.

කෙසේ නමුත් මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු නමුත් මේ වන විට ආරක්ෂක අමාත්‍යාංශය හා විදේශ කටයුතු අමාත්‍යාංශය මෙම සිදුවීම යට ගැසීමේ උත්සාහයක නිරතව සිටී. එයට හේතුව වී ඇත්තේ මෙම කැප්පෙටිවලාන මහතා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ අතිශය සමීපතමයකු වීමය. එමෙන්ම පසුගිය රාජපක්ෂ පාලන සමයේ දී ෆොන්සේකා මහතාගේ සිදුවීමට සම්බන්ධව ඔහුගේ වැඩ තහනමට ලක්ව තිබූ අතර නැවත සේවයෙහි පිහිටුවනු ලැබුවේ වත්මන් ආණ්ඩුවය.

– සුභාෂ් ජයවර්ධන

 

vvvv