ස්ටීව් ජොබ්ස්ගේ පියා සිරියාණු සරණාගතයෙක් ?

විථි කලාකරු බැන්ක්සිගේ අලුත්ම සිතුවම නිර්මාණය වී තිබෙන්නේ ප්‍රංශයේ Calais නුවර පිහිටි “Jungel ‘ නම් සරණාගත කඳවුරක් තුළයි. බැන්ක්සි එම කඳවුරේ තාප්පයක් Apple නිර්මාතෘ ස්ටීව් ජොබ්ස්ගේ සිතුවමකින් සරසා තිබෙනවා.

එහි දැක්වෙන්නේ ස්ටීව් ජොබ්ස් එක් අතකින් මල්ලක් සහ අනිත් අතින් Apple සමගම මුල් කාලයේ නිපදවූ පරිගණකයක් එල්ලාගෙන සිටින ආකාරයයි. බැන්ක්සි සිය වෙබ් අඩවියේ මෙම සිතුවම නම් කර තිබෙන්නේ සිරියානු සංක්‍රමණිකයෙකුගේ පුතා (the son of a migrant from Syria) යනුවෙනුයි.මේ චිත්‍රය ගැන බ්‍රිතාන්‍ය මාධ්‍යක් වෙත අදහස් දක්වමින් බැන්ක්සි පවසා ඇත්තේ” සාමාන්‍යයෙන් අපි විශ්වාස කරන්නෙ සංක්‍රමණිකයන් රටේ සම්පත් හිඟ වීමට හේතුවන බවයි. ඒත් ස්ටීව් ජොබ්ස් සිරියානු සංක්‍රමණිකයෙකුගේ පුතෙක්. Apple සමගම ලෝකයේ වැඩිපුරම ලාභ උපයන සමාගමක් ලෙස වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 07ක් බදු ගෙවනවා. ඒවගේම සමාගම පවතින්නේත් ඉතා ලාබාල පිරිස් බඳවා ගන්නා නිසයි.

” මේ චිත්‍රය තිබෙන කඳවුරේ ඇෆ්ගනිස්ථානයෙන් සිරියාවෙන් සහ එරිත්‍රියාවෙන් පැමිණි සරණාගතයින් 7000ක් පමණ සිටින බව පැවසෙනවා. මේ චිත්‍රයට අමතරව පැරිස් නගර මධ්‍යයේ සිතුවම් කර ඇති තවත් සිතුවමකින් දැක්වෙන්නේ අබලන් වූ පහුරක නැගුණු පිරිසක් සුඛෝපබෝගී යාත්‍රාවක් නැවැත්වීමට උත්සහ ගන්නා අයුරුයි. එම චිත්‍රය නම් කර තිබෙන්නේ “We’re not all in the same boat” යනුවෙනුයි. තම අනන්‍යතාවය හෙළි නොකරන බැන්ක්සි සිතුවම් ඇඳීමෙන් නොනැවතී සරණාගත පිරිස් වෙත තාවකාලික නිවාස ඉදිකිරීම වෙනුවෙන් අමුද්‍රව්‍ය ලබාදී තිබෙනවා. (sathhanda)

1