නත්තල වර්ණවත් කරන “සංචාරක සැණකෙළිය“

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ අනෙකුත් ශ්‍රී ලංකා සංචරණයට අයත් ආයතන, සංචාරක සංවර්ධන සහ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යංශය සහ එක්ව ශ්‍රී ලංකාවට සංචාරකයන් වැඩි වශයෙන් ආකර්ශනය වන දෙසැම්බර් මාසයේ නත්තල් මිහිර විදගැනීමට දෙසැම්බර් 19 ‐ 23 වන දින වල ආකේඩ් නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදි Tourism Fest with the Spirit of Christmas යන නමින් “සංචාරක සැණකෙළිය“ සංවිධානය කර ඇත.

මෙම උත්සව සමයේ ප්‍රමුඛතම සංචාරක ආකර්ශනය වන්නේ ශ්‍රි ලංකීය සංස්කෘතිය මෙහිදි විවිධ වු මාධ්‍යන් විසින් ප්‍රදර්ශනය කෙරෙ. මැණීක් සහ ස්වර්ණාභරන අධිකාරිය විසින් සංවිධාන කරන මැණීක් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශන කුටි සහ අලවි සැල් ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් සංවිධාන කරන තේ අලවි සැල් සහ තේ රස බැලීමේ ස්ථාන ශ්‍රී ලංකා හස්ත කර්මාණ්ත මණ්ඩලය විසින් සංවිධාන කරන අලවි සහ ප්‍රදර්ශන කුටි මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රධාන හෝටල වල අති දක්ෂ සුපවේදින් විසින් පිලියල කරන ශ්‍රී ලාංකීය සහ විවිධ රටවලට ආවේණික වු කෑම වර්ග සාධාරණ මිලකට ලබා ගැනීමේ කටයුතු මෙහිදී සංවිධානය කර ඇත.

ශ්‍රී ලංකා සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා වනජීවි දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාවේ වන සම්පත සහ උද්භිත උද්‍යාන පිලිබඳ ප්‍රදර්ශනයක් මිට සමගාමීව පැවැත්වේ.

මෙහි ඇති තවත් සුවිශේෂි අංගයක් ලෙස නත්තලට අවශ්‍ය භාණ්ඩ පහසු මිලට ලබා ගැනීමේ වෙළඳ කුටි සකසා තිබිමද සුවිශේෂ වේ.

මෙම දිනයන්හිදි ත්‍රිවිධ හමුදාව පොලිසිය පාසල් සහ දේවස්ථාන වල ගායක සහ නර්ථන කණ්ඩායම් විසින් ඉදිරිපත් කරන කැරොල් ගීත සාම්ප්‍රදායික නර්ථන කණ්ඩායම් විසින් ඉදිරිපත් කරන ප්‍රසංගද මෙම උලෙල වර්ණවත් කිරිමට නියමිතය.

තවද කුඩා ළමුන් සදහා වන මුහුණු පාට කිරිමේ මෙන්ම විවිද වු ක්‍රීඩා වලින්ද මෙම උලෙල වර්ණවත්වේ.

වසර ගණනාවකට පසු නියමාකාරයෙන් නිදහස භුක්ති විඳින ශ්‍රී ලංකාවේ නව රජය පත්විමෙන් පසු උදාවෙන පලමු නත්තල් උත්සව සමයේ පැමිනෙන සංචාරකයන්ට මෙම අවස්ථාව තම ජිවිතයේ සදානුස්මරනීය අවස්ථාවක් කිරිම අරමුණු කර මෙම උලෙල සංවිධානය කරන බව මෙම උත්සවය සදහා මගපෙන්විම ලබා දුන් සංචාරක සංවර්ධන සහ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ගරු ජෝන් අමරතුංග මැතිතුමා පැවසීය.

සංචාරකයන්ගේ පැමිනීම වැඩ්වන විට ඔවුනට අත්දැකීම් ලැබිය හැකි අවස්ථාවන් ඇතිකිරිම තුලින් ශ්‍රී ලංකා සංචරනයේ එක් තේමාවක් වු උත්සව අවස්ථාවන් සදහා සංචාරක ආකර්ශනයට දිරිමත් කිරිම මෙම උලෙල මහත් පිටුවහලක් වන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ ශ්‍රි ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති P.M. විතාන මහතා පැවසීය.

එකම ස්ථානයක විවිධ වු ද ශ්‍රි ලංකීයන්ට සුවිශේෂ වු ද අත්දැකීම් ලබා ගැනීම විදේශීය සංචාරකයන්ට ඉතා වටිනා අත්දැකීමක් බවත් දේශිය සංචාරකයන්ටද මෙම නිවාඩු සමයේ තම පවුලේ සාමාජිකයන් සහ හිතවතුන් සමග පැම්න නත්තලේ මිහිර විදගැනීමට මෙමගින් අවස්ථාව සැලසෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අධ්‍යක්ෂ ජනරාල් මල්රාජ් කිරිඇල්ල මහතා පවසන ලදී.

මේ සියලුම අත්දැකීම් 2015 දෙසැම්බර් 19 සිට 23 දක්වා ආකේඩ් නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදි පැවැත්විමට නියමිත Tourism Fest with the Spirit of Christmas උලෙලේදි සවස 6 සිට 11 දක්වා ඔබට ලබා ගත හැකි අතර සමාරම්භක උලෙල 2015 දෙසැම්බර් 19 දින සවස 6ට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

xx