ගෙදර සියලු වැඩ කරන්නේ මම

ජනප්‍රිය රංගන ශිල්පිනියක වන මේනකා පීරිස් විවාහයෙන් පස්සේ සැමියා සමග විදෙස් ගත වුණා. ඔන්න දැන් මාස පහකට පසු මේනකා ලංකාවට ඇවිත් ඒ ඇවිත් තියෙන්නේ කෙනෙකුට වුණු පොරොන්දුවක් ඉටු කරන්න කියලා අපිට ආරංචි වුණා.

මේනකා කවදාද ලංකාවට ආවේ?

ගිය මාසේ 17 වනිදා

මෙච්චර දවසක් වහන් වෙලා හිටියා එහෙනම්?

අනේ එහෙම නෙමෙයි. මට අවශ්‍ය වුණා මගේ පවුලේ අයත් එක්ක උපරිම කාලේ වෙන් කරන්න. මොකද මං නැතුව මගේ අම්මා, තාත්තා සහ සහෝදරයා මාස පහක් ජීවත් වුණාමයි.

මේනකා පොරොන්දු රකින්න දක්ෂයි කියලා අපිට ආරංචි වුණා?

ඔව්. අනිවාර්යෙන්ම. වචනයක් දුන්නොත් ඒක ඉෂ්ට කරන්න ඕනේ.

ඒ වගේ පොරොන්දුවක් ඉටු කරන්න නේද මෙදා සැරේ ඇවිත් ඉන්නේ?

ඇත්තටම. ජැක්සන් අයියාගේ සී රජ ටෙලි නිර්මාණයට ආරාධනා කළාම මං පොරොන්දු වුණා ෂූටිං දින වලදී එනවා කියලා. ඉතින් ෆොටෝ ෂූට් එක නොවැම්බර් 18 කියලා මට දැනුම් දුන්නා. ඉතින් ඒවෙච්ච පොරොන්දුව ඉටු කරන්න මං දහ හත් වෙනිදා ලංකාවට ආවා.

විදෙස් රටක ගෙවන ජිවිතේ ගැන කොහොමද දැනෙන්නේ?

ලංකාවේ ඉඳලා ගිය කෙනකුට එ ගැන විස්තර කරන්න තියෙන හොඳම වචන ටික තමයි, ‘වෙනස්ම අත්දැකිමක්’ කියන වදන් පෙළ. වෙන පාට මිනිස්සූ, වෙනස්ම කාලගුණයක් ඇත්තටම හැම දේම හරිම වෙනස්. ඉතින් අමර් රැකියාටට ගියාට පස්සේ පාළුව තනිකම නම් ගොඩක් දැනෙනවා. ඒ මදිවට සීතලයි එළියට වත් බහින්න බැහැ නේ. අනික අවුරුදු 25 හිටපු ගෙදර දාලා වෙනත් රටකට යෑම ලොකු වේදනාවක්. අපේ පවුලේ හතර දෙනා අතරේ තිබුණේ දැඩි බැඳිමක්. ඉතින් එහෙම ඉඳලා වෙන් වුණාහම මට වගේම මගේ පවුලේ අයටත් ඒ දැණුන දුක කියන්න තේරෙන්නේ නැහැ.

 

එහෙදී ගෙදර වැඩකටයුතු කෙරුණේ?

ගෙදර සියලු වැඩ කටයුතු මගේ අතින් තමයි කරන්නේ.

අමර්ගේ අමනාපයක් නැද්ද තනියම ලංකාවට ආවාට?

මම කෙහොමත් දෙසැම්බර් එන්නයි හිටියේ. වෙනසකට වුණේ ටිකක් කළින් ආපු එකනේ.

ඔහුට ලංකාවට එන්න අදහසක් නැද්ද?

ඔහු රැකියාවත් සමග බොහොම කාර්ය බහුල කෙනෙක්. ඉතින් ලංකාවට ආවත් ඔහුට මෙහෙ රැඳෙන්න වෙන්නේ මාසයක් වගේ තමයි.

එහේදි ගෙදර අය මතක් වුණා වගේ දැන් අමර් ගැන මතක් වෙන්නේ නැද්ද?

නැත්තෙ නැහැ. නමුත් මං මෙහෙට ආපූ දවසේ ඉඳලා මට කල්පනා කරන්නවත් වෙලාවක් නැති තරමට වැඩ. තවම පැය තුන හතරකට වඩා හරි හැටි නිදා ගන්නවත් ලැබුණේ නැහැ.

තව කොච්චර කාලයක් මෙහේ ඉඳීවිද?

යන වකවානුවක් ගැන නම් තවම හරි තීරණයක් නැහැ. කෙහොමත් මාස තුන හතරක් යන කම් වැඩ තියෙන නිසා දැන්ම යන කාලයක් හිතා ගන්න අමාරුයි.

ආපූ එකේ දැනටමත් අලුත් නිර්මාණ වලට ආරාධනා ලැබිලා ඇති?

මම ලංකාවට ආවා කියලවත් තවම බොහො දෙනෙක් දන්නේ නැහැ. ඉතින් ඉස්සරහට ආරාධනා ලැබුණොත් බලලා බාර ගන්නවා.

ccccc