එජාප ව්‍යවස්‌ථාවත් වෙනස්‌ වෙයි

එක්සත් ජාතික පක්‍ෂයට මෑතකදී අලුතින් ඇතිකරනු ලැබූ නව තනතුරු සංශෝධනය කරමින් එක්‌සත් ජාතික පක්‍ෂ ව්‍යවස්‌ථාව නැවත වරක්‌ වෙනස්‌ කිරීමට එම පක්‍ෂ නායකයන් තීරණය කර තිබේ.

ඒ අනුව පක්‍ෂයේ සමගිය වෙනුවෙන් පිහිටුවූ වත්මන් කථානායක කරු ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුතු එක්‌සත් නායකත්ව මණ්‌ඩලය ඇතුළු තවත් තනතුරු කිහිපයක්‌ම වෙනස්‌වීමට නියමිතය. පක්‍ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉකුත් බ්‍රහස්‌පතින්දා පැවැති කෘත්‍යාධිකාරි මණ්‌ඩල රැස්‌වීමේදී අදාළ යෝජනාව ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව ඉදිරියේදී රටේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මෙන්ම එජාපයේ ව්‍යවස්‌ථාවද වෙනස්‌ කරන බව එම පක්‍ෂයේ මහලේකම්, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමති කබීර් හෂීම් මහතා සිරිකොත ඊයේ (22) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී පැවසී ය.

පක්‍ෂයට අලුතින් එක්‌වූ තනතුරු කිහිපයක්‌ම ඒ අනුව සංශෝධනය කෙරෙන බවත් ඒවා කුමක්‌ ද යන්න පිළිබඳවත් මෙතෙක්‌ අවසන් තීරණයක්‌ ගෙන නොමැති බවත් වාර්තා වේ.

see