නැසිය නොහැකි බැක්ටීරියාවක්

ප්‍රතිජීවක ලබා දිය නොහැකි බැක්ටීරියාවක් බ්‍රිතාන්‍යයෙන් සොයා ගෙන තිබේ.

ප්‍රතිනාර ලබාදීමේදී අවසන් වරට දිය හැකි කොලිස්ටින් (colistin) ප්‍රතිජීවකයෙන් පවා ඊට ප්‍රතිකාර කළ නොහැකි බවයි විද්‍යාඥයින්ගේ මතය වී ඇත්තේ.

කොලිස්ටින් (colistin) ප්‍රතිජීවකය ඉතාමත්ම ශක්තිමත් මෙන්ම පොදුවේ භාවිත කෙරෙන්නක්.

කෙසේ වෙතත් ඔවුන් පවසන්නේ අලුතින් සොයා ගෙන ඇති බැක්ටීරියාවෙන් මිනිස් ජීවිත වලට කෙරෙන බලපෑම අඩු බවයි.

එසේ වුවද ඒ සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ තවදුරටත් සිදු කෙරෙන බව ද සදහන්.

ඉකුත් මාසයේදී එවැනි බැක්ටීරියාවක් චීනයෙන් සොයා ගත් අතර එම අවස්ථාවේ දී විද්‍යාඥයන් අනතුරු අඟවා සිටියේ ලෝකය ප්‍රතිජීවක වලට ඔරොත්තු නොදෙන වකවානුවකට එළඹ ඇති බවයි.

බ්‍රිතාන්‍යයේ ගොවිපොළවල් තුනක කරන ලද පරීක්ෂණවලින් සහ බැක්ටීරියාව වැළඳුණු පුද්ගලයන්ගෙන් ලබා ගත් සාම්පල වලින් සොයා ගෙන ඇත්තේ එය කොලිස්ටින් (colistin) ඖෂධයට ප්‍රතිරෝධය දක්වන බවයි.

backteriya