රුසියාවෙන් ඩොලර් බිලියන 4.5 ක ආයුධ රැගෙන මෝදි පකිස්ථානයට යයි

ඉන්දියාව සිය දැවැන්තම ආරක්ෂක ගිවිසුමට රුසියාව සමඟ පසුගිය දා එළඹෙන ලදී. S-400 වර්ගයේ ගුවන් න්‍යශ්ටික ආරක්ෂක මිසයිල පද්ධතියක් ද සහිත මෙම ගිවිසුමේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 4.5 ත් 6.5 ත් අතර වන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

2001 වසරෙන් පසුව ඉන්දියාව හා රුසියාව අතර අත්සන් තැබුණු විශාලතම ආරක්ෂක ගිවිසුම මෙය වන අතර මීට පෙර ඇමරිකාව සමඟවත් මෙවැනි විශාල ගනුදෙනුවකට යාමට ඉන්දියාව කටයුතු කර නැත.

සීතල යුධ සමයේ දී රුසියාවේ ලඟම මිත්‍රයෙකු ලෙසින් ඉන්දියාව කටයුතු කළ අතර එවකට රුසියාවේ ප්‍රධාන ආරක්ෂක ආම්පන්න ආනයනකරුවා වූයේ ද ඉන්දියාවයි.

මීට අමතර ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර ඩොලර් බිලියන 10 ක බලශක්ති ගිවිසුමක් ද අත්සන් කරන ලදී.

ඊට අනුව ඉදිරි දස වසර සඳහා වාර්ෂිකව බොරතෙල් ටොන් මිලියනය බැගින් ඉන්දියාවට අපනයනය කිරීමට රුසියාව පියවර ගනු ඇත. වර්තමානයේ ලොව විශාලතම බොරතෙල් නිෂ්පාදකයා වන්නේ ද රුසියාවයි.

තවද න්‍යශ්ටික බලශක්ති, ආරක්ෂක පුහුණු හා සෞඛ්‍ය අංශවලට අදාළව ගිවිසුම් 7 කට සහ තවත් වානිජමය ගිවිසුම් 13 කට අත්සන් තැබීමට ද ඉන්දීය අගමැතිවරයා සහ රුසියානු ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කළේය.

මේ අතර ඉන්දීය අගමැතිවරයා සිය රුසියානු සංචාරය නිමවා නැවත නවදිල්ලියට එන අතරතුරේ දී පකිස්ථානයට ගොඩ බැස තිබේ. ඒ පකිස්ථානු අගමැති නවාස් ෂරීෆ් ගේ අදට යෙදෙන 66 වැනි උපන් දිනයට සුභ පැතීම වෙනුවෙනි. විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ මෙය කිසිසේත්ම අගමැති මෝදිගේ කාලසටහනේ නොවූ ගමනක් බවයි. මෙය පකිස්ථානුවන් පුදුමයට පත්කරලීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කළ සංචාරයක් බව එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර සිටී.

z

adaderana