චම්පික-රතන හිමි සටන ඇවිළෙයි!

ජාතික හෙළ උරුමයේ පාඨලී පාර්ශ්වය හා රතන පාර්ශ්වය අතර ඇවිළෙමින් තිබූ දේශපාලන ගින්න උග‍්‍ර වන්නට පටන් ගත්තේ පසුගිය මහ මැතිවරණයෙන් පසුවය. පාඨලීට වුවමනා වූයේ හෙළ උරුමයට හිමි ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරය එම පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශකවරයා වන පළාත් සභා මන්ත‍්‍රී නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහට ලබා දීමටය.

එහෙත් එය හිමි වූයේ රතන හිමිටය. හෙළ උරුමයේ අභ්‍යන්තරයේ සිටි ප‍්‍රධාන භූමිකාවක් වූ බන්දුල චන්ද්‍රසේකර දැන් එළියට විසි වී ගොසින් ඇති බව මෙම ලියුම්කරුට හෙළි කළේ හෙළ උරුමයේ අභ්‍යන්තර ආරංචි මාර්ග ය. කොහොම වුණත් පාඨලී-රතන දේශපාලන වියවුල තවත් උත්සන්න වූයේ රතන හිමියන් ජනපති මෛත‍්‍රී සමඟ පැරීසියේ පැවති ලෝක දේශගුණ විපර්යාස සමුළුවට සහභාගී වීමෙන් පසුවය. අනතුරුව පසුගිය දා මාධ්‍ය හමුවක දී රතන හිමියන් කියා තිබුණේ ”ඉංජිනේරු උපාධියක් තිබුණාය කියා කාට වුණත් රට වනසන්නට ඉඩ දිය නොහැකි” බවය. ඇමැති චම්පික යනු විදුලි ඉංජිනේරුවකු බව ප‍්‍රකට කාරණාවක් වන්නේය. හාවා මැද්දේ තියාගෙන පඳුර වටේට තළනවා කියන්නේ මේ වගේ කතාවලටය.

xx

sathhada