පළාත් පාලන අපේක්ෂකයින්ට නව නිර්දේශ හදුන්වාදීමේ සුදානමක්!

එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී අපේක්ෂකයින් සම්බන්ධයෙන් නව නිර්දේශ කිහිපයක් හදුන්වාදීමේ අවස්ථාව පවතින බව පැෆරල් සංවිධානය පවසයි.

එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි  මහතා පවසන්නේ රාජ්‍ය නිලධාරින් මැතිවරණය ඉදිරිපත්විමේදී ද ඉන් ඡන්ද දායකයින්ට බලපෑමක් නොවන ආකාරයෙන් කටයුතු කිරිමේ වතාවරණයක් හදුන්වාදිය යුතු බවයි.

එමෙන්ම මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා සිදු කෙරෙන වියදම් සම්බන්ධයෙන් ද නියාමනයක් අවශ්‍ය බව හෙතෙම පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් පළාත් පාලන අමාත්‍යවරයා ඇතුලු අදාල අංශ දැනුවත් කළ බව ද රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

1