පසුගිය දිනෙක ශ්රී ලංකාවට සැපත් වූ බටහිර ජනප්රිය ගායකයකු වූ එන්රිකේ විසින් පැවැත්වූ Sex & Love ප්රසංගයේ දී ශ්රී ලංකාවේ ගුවන් හමුදාපති ගගන බුලත්සිංහල මහතාගේ දියණිය වේදිකාවට ගොස් එන්රිකේ සමඟ නර්තනය කිරීම ලංකාවේ සංස්කෘතියට නොගැළපේ යැයි සමහරු චෝදනා කරති.
බටහිර ජනප්රිය ගායකයන්ට හාදු දීම එම රටවල ප්රසංගවල දී ඕනෑ තරම් සිදු වෙයි.
ගුවන් යානා තාක්ෂණය, මිසයිල්, ස්මාර්ට් බෝම්බ යන මේවා සියල්ල බටහිර ශිෂ්ටාචාරයේ නිර්මාණය. ඒවා යුද්ධයේ දී ලිබරල් ලෙස පාවිච්චි කරන විට කට වසාගෙන හුරේ දැමූ අය බටහිර සංස්කෘතියේ ලිංගික සංකේතවලට කුහකව ප්රතිචාර දැක්වීම දෙබිඩිය.
ගුවන් හමුදාපතිවරයා නොව වෙනත් ඕනෑම නිලයක් දරන පුද්ගලයකුගේ දියණියට තමන් කැමැති විදිහට ප්රසංගයක් රස විඳීමට ඇති අයිතිය අප ප්රජාතන්ත්රවාදී විදිහට පිළිගත යුතුය.
එසේ නොමැතිව එවැනි සිදුවීම්වලට මූලධාර්මිකව ප්රතිචාර දැක්වීම නූතන සමාජයට ගැළපෙන්නේ නැත. මෙම ප්රසංගවලට ඔබ අකැමැති නම් ඔබ කළ යුත්තේ රූපවාහිනිය වෙනත් චැනලයකට මාරු කිරීමයි. අන් අය වෙනුවෙන් සදාචාරය රැකීමට යාම සමහර විට භයානකය.
sathhada