දකුණු ආසියානු ක්‍රිඩා උළෙල ලබන පෙබරවාරී 5 දා සිට

ඉන්දියාවේ ගුහාති සහ ශිලෝන් ප්‍රදේශවල ලබන වසරේ පෙබරවාරි 05 දින සිට 16 දින දක්වා පැවැත්වීමට නියමිත 12 වෙනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වෙන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එම ක්‍රීඩා උළෙලට දකුණු ආසියාතික රටවල් 08ක් සහභාගී වෙන අතර ක්‍රීඩා 23ක් සහ ඉසව් 228කින් සමන්විත වේ. එහි සමාරම්භක උත්සවය ලබන වසරේ පෙබරවාරී 05 වන දින ගුහාතිහි පැවැත්වීමට නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

xx

– news.lk