ඇවන්ට්ගාඩ් අධිපතිට නාවුක හමුදාපතිගෙන් ජීවිත තර්ජන..!

ඇවන්ට් ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති මහතාට නාවික හමුදාපති රවින්ද්‍ර සී විජේගුණරත්න මහතා මෙහෙයවන කණ්ඩායමකගෙන් ජීවිත තර්ජන එල්ල වී ඇතැයි සේනාධිපති මහතා විසින් අද සවස මිරිහාන පොලිසියට පැමිණිලි කර තිබේ.

අද උදෑසන සිට නාඳුනන දෙදෙනෙකුගෙන් සමන්විත සැකකටයුතු යතුරු පැදියක් නිශ්ශංක සේනාධිපතිගේ කාර්යාලයට වටා කැරකැවෙමින් ඔත්තු බලමින් සිට තිබේ. ෆුල්  ෆේස් හෙල්මට් පැළැඳ සිට ඇති දෙදෙනා ඉන්පසුව එම යතුරු පැදියෙන්ම ඔහුගේ නිවස වටාද සැක කටයුතු අන්දමින් සැරි සරා තිබේ. මේ පිලිබඳ සොයා බලද්දී ඇවන්ට් ගාඩ් මැරිටයිම් සමාගමේ නිලධාරීන් කිහිප දෙනෙකුගේද නිවෙස් වටා මෙවැනිම යතුරු පැදි සැරිසරා ඇත. සේනාධිපති මහතාගේ නිවස සහ කාර්යාලය වටා කැරකැවුනු යතුරු පැදිය ඒ මහතාගේ සේවකයන් විසින් වීඩියෝ ගත කරන ලද අතර එහි අංකය BAG 6093 ලෙස වීඩියෝවේ සටහන් වී ඇත.

මේ සම්බන්ධයෙන් සේනාධිපති මහතා අද සවස මිරිහාන පොලිසියට පැමිණිලි කර ඇති අතර ඔහු විසින් සපයන ලද වීඩියෝවේ සඳහන් අංක BAG 6093 යතුරු පැදිය කාට අයත් එකක් දැයි පොලිසිය විසින් කරන ලද සොයා බැලීමේ දී මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුව විසින් පවසා ඇත්තේ එය නාවික හමුදාපතිවරයාගේ නමට ලියාපදිංචි කර ඇති එකක් බවයි. වැඩි දුරටත් කරන ලද පරීක්ෂන වලදී එය නාවික හමුදාපති යටතේ ඇති බුද්ධි අංශයන්ට අයත් යතුරු පැදියක් බවද සොයා ගෙන තිබේ.

නිශ්ශංක සේනාධිපති මහතාට අයත් ඇවන්ට් ගාඩ් මැරිටයිම් සමාගම නාවික හමුදාවට පවරා ගන්නා ලද්දේ එම කටයුතු නාවුක හමුදාවට කළ හැකි බවට වත්මන් නාවික හමුදාපතිවරයා විසින් ජනාධිපතිවරයාට රෙකමදාරු කරන ලද තත්ත්වයක් යටතේ ය. නමුත් පසුගිය කාලයේදී එය අසාර්ථක වී තිබුනේ ඇවන්ට් ගාඩ් සමාගම ලැබූ ආදායම නාවික හමුදාවට ලබා ගැනීමට නොහැකි වීමත් ඇවන්ට් ගාඩ් සමාගම රැකියා සපයා තිබූ 6700 ක පිරිසට රැකියා ලබා දීමට නාවික හමුදාව අපොහොසත් වීමත් නිසාය. පසුව නාවික හමුදාව පවසා සිටියේ එම කටයුතු සිංගප්පූරු සහ මැලේසියානු සමාගම් දෙකක් වෙත පවරා දීමට යන බවයි. මෙම ප්‍රකාශයෙන් පසුව ඇවන්ට් ගාඩ් සමාගම නාවික හමුදාවට පවරා ගැනීම දේශප්‍රේමී කටයුත්තක් ලෙස රටට ජනතාවට කරන ලද ප්‍රචාරය සම්පූර්ණ අසත්‍යයක් බව පැහැදිලි විය.

පසුගිය රාජපක්ෂ රෙජීම සමයේදී ද නාවික හමුදාව නීති විරෝධී මනුෂ්‍ය ඝාතන පැහැරගැනීම් රාශියක් සිදුකර ඇති බව මේ වන විටත් පරීක්ෂණ වලින් හෙලි වී ඇති අතර නාවික හමුදා නිලධාරීන් කිහිප දෙනෙකුම අත් අඩංගුවේ පසුවෙති.

 

 

nn

 

lankaenews