තෙවැනි තරඟයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කන්ඩායම අතර පැවැති තෙවන එක්දින තරඟයෙන් කඩුලු 8ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්  විය.

නවසීලන්තයේ නෙල්සන් හී පැවැති මෙම තරඟයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 276ක් ලබාගත්තේය.

පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව පන්දුවාර 46.2දී කඩුලු 2ක් පමණක් දැවී ජය වාර්තා කළේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ධනුෂ්ක ගුණතිලක ලකුණු 65ක්, තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 91ක් හා ලහිරු තිරිමාන්න නොදැවී ලකුණු 87ක් ලබා ගන්නා ලදී.

දෙරට අතර පැවති පළමු තරඟ දෙකම නවසීලන්ත කණ්ඩායම ජය වාර්තා කළ අතර තවත් තරඟ 2ක් පැවැත්වීමට නියමිතව තිබේ.

c