ධනුශ්ක රාමනායක ITN එකේ වෑඩ පෙන්වයි- (පසුගිය වසර 06 කාලය තුළ අංක එකේ නාළිකාව පස්වැනි තැනට)

සුදුස්සන් සුදුසු තෑනට පත් නොවීමේ ප්‍රතිවිපාක දෑන් ස්වාධීන රූපවාහිනී ආයතනයටත් විදදරා ගෑනීමට සිදුව ඈත.ස්වාධීන රූපවාහිනී ආයතනයේ කටයුතු ධනුශ්ක රාමනායක අතට පත් වීමෙන් පසු පසුගිය වසර 06 කාලය තුළ අංක එකේ නාළිකාව ලෙස පැවති ස්වාධීන රූපවාහිනී ආයතනය මේ වනවිට හතරවැනි, පස්වැනි තැනට පත්ව ඈති බව එහි සේවකයන් පවසයි.

ධනුශ්ක රාමනායක වැඩභාරගැනීමත් සමග අනවශ්‍ය සේවක පුරප්පාඩු නිර්මාණය කරමින් නව බඳවාගැනීම් හා උපදේශකයන් ලෙස විවිධ පුද්ගලයන් පත්කිරීම සිදුකරමින් පවතී. ඒ අනුව අලෙවි, වැඩසටහන්, ඉංජිනේරු යන අංශ සඳහා අලුතින් උපදේශකයන් බඳවාගෙන ඇති අතර එම එක් උපදේශකයෙකුට මසකට රුපියල් 170,000 ක් පමණ ආයතනය වැය කරන බව පවසන සේවකයන් පෙන්වා දෙන්නේ ඔවුන්ගෙන් ආයතනයේ අභිවෘද්ධියට කිසිදු උපදෙසක් නොලැබෙන බවයි. නව උපදේශකයන්ට වැටුප ලෙස රුපියල් 100,000 ක් ලැබෙන අතර ඊට අමතරව වාහන, ඉන්ධන සහ රියදුරු දීමනා ලෙස තවත් 70,000 ක් ගෙවයි.

මීට අමතරව ධනුශ්ක රාමනායක වෙනුවෙන් සම්බන්ධීකරණ නිළධාරියෙකු පත්කර ඇත්තේ ඔහු මහජන බැංකුවේද සභාපතීත්වය දරන හේතුවෙනි. ඔහුටද 75,000 ක වැටුපක් සමගින් ඉහත දීමනා ලබාදෙනු ලබයි. මීට අමතරව මේ වනවිට පාඩුපිට පාඩු ලබමින් තිබෙන ලක්හඬ ගුවන්විදුලිය සඳහාද උපදේශකයෙකු පත්කර ඇති අතර ඒ රුපියල් 100,000 වැටුපකටය. පාඩු ලබන ආයතනයක් වෙනුවෙන් එහි උන්නතිය සඳහා උපදේශකයෙකු පත්කිරීම ගැටලුවක් නොවේ. එහෙත් විස්මය දනවන කරුණ වන්නේ එම උපදේශකයා ගුවන්විදුලි ක්ෂේත්‍රය සම්බන්ධව කිසිවක් නොදන්නා පුවත්පත් ක්ෂේත්‍රයේ කටයුතු කළ පුද්ගලයෙකු වීමය.

කිසිදු උපදේශකයෙකු නොමැතිව තමන් අංක එකට ගෙන තම ආයතනය අවිධිමත් පාලනය හේතුවෙන් මේ වනවිට අංක 05 ට වැටී ඇති බව පෙන්වා දෙන සේවකයන් පවසන්නේ මෙම නව අවිධිමත් පත්කිරීම් හේතුවෙන් නැත්තටම නැතිවනු ඇති බවයි.ස්වාධීන රූපවාහිනී ආයතනය ලාභ ලබන තත්වයක් යටතේ පසුගිය 2014 වසරේදී සෑම සේවකයෙකුටම රුපියල් 75,000 ක බෝනස් මුදලක් ලබාදුන්නද එය 2015 වසරේදී 44,880 ක් දක්වා අඩුවී ඇත. පාඩු ලබමින් තිබෙන ජාතික රූපවාහිනියද බෝනස් මුදල් සමගින් තෑගි වවුචර් ආදිය ලබාදෙමින් හා නැගී එන හා දක්ෂ සේවකයන් අගයමින් කටයුතු කරද්දී තම ආයතනය අංක එකට ගෙන ආ සේවකයන්ගේ බෝනස් මුදල් පවා කප්පාදු කරමින් සේවකයන් අධෛර්යයට පත්කිරීම සියලු සේවකයන්ගේ කනස්සල්ලට හේතුවී තිබේ.
පසුගිය රාජපක්ෂ පාලන සමයේ දූෂිත කටයුතුවලට සම්බන්ද පුද්ගලයන්ද තවමත් ආයතනය තුළ ක්‍රියාත්මකව සිටින බව සේවකයන් පවසයි.
 මෙවන් තත්වයක් තුළ ITN ආයතනය නෑත්තටම නෑති වී යාමට වෑඩි කාලයක් ගත නොවෙනු ඈති බව සේවකයන් පවසයි.
dhanushka ramanayaka