නේටෝව ප‍්‍රසාරණය වන්නේ රුසියාව ශක්තිමත් වන නිසයි

රුසියාව අනුගමනය කරන ස්වාධීන ප‍්‍රතිපත්තිය විසින් සිය ආධිපත්‍යය පවත්වා ගත යුතු බවට නේටෝ සංවිධානයට බලකෙරෙන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.

ඔහු පවසා ඇත්තේ නේටෝව ප‍්‍රසාරණය කිරීම සඳහා පොළඹවනු ලබන්නේ රුසියාවේ ශක්තිය වර්ධනය වීම බවයි.

මේ සමගම රුසියානු ජාතික ආරක්‍ෂාවටද එකිනෙක හා බැඳුණු නව අභියෝග රාශියක ඉදිරිපත්වී ඇති බවද පුටින් පවසා තිබේ.  එමෙන්ම රුසියාවේ දේශීය හා විදෙස් ප‍්‍රතිපත්තීන් නිසා ඇමරිකාව හා එහි මිතුරන්ට ප‍්‍රතික‍්‍රියා දැක්වීමට සිදුවන බවද රුසියානු ජනාධිපතිවරයාගේ අදහසයි.

2016 වසර සඳහා රුසියානු ජාතික ආරක්‍ෂාව පිළිබඳ උපායමාර්ගික සැලැස්මට පුටින් විසින් අත්සන් තබා ඇති අතර රුසියානු දේශසීමාව ආසන්නයට නේටෝ බලය ව්‍යාප්ත වීම රුසියාවට එල්ලවී ඇති ප‍්‍රමුඛ පෙළේ තර්ජනයක් ලෙස එහි නම් කර තිබේ.

රුසියානු රජය විසින් පසුගිය මාස කිහිපය තුළ ජාතික ආරක්‍ෂාව ඉහළ නැංවීම සඳහා පියවර රැසක් ගෙන ඇති අතර රුසියාවේ න්‍යෂ්ටික මිසයිල සංචිතයට නව අන්තර් මහාද්වීපික මිසයිල 40ක් එක්කරන බව පසුගිය ජුනි මසදී ව්ලැදිමීර් පුටින් විසින් පවසන ලදී.

යුක්රේන අර්බුදය අතරතුර ක‍්‍රිමියාව රුසියානු ෆෙඩරේෂණයට එක්වීමත් සමග නේටෝව හා රුසියාව අතර සියලූ ක‍්‍රියාකාරී සබඳතා බිඳ වැටිණි.  යුක්රේනය අස්ථාවර කරන බවට චෝදනා කරමින් ඇමරිකාව හා යුරෝපා රටවල් රුසියාවට එරෙහිව සම්බාධක ගණනාවක්ද පණවා ඇත.

cde

cnews