ලලිත් කුහන් ගැන අහයි

2011 දෙසැම්බර් 10දින යාපනයේදී අතුරුදහන් වූ ලලිත් කුමාර් වීරරාජු සහ කුහන් මුරුගානන්දන් දෙදෙනා ඝාතනයට ලක්වුවන් ලෙස පසුගිය ආණ්ඩුවේ ඇමතිවරයෙකුවූ මහින්දානන්ද අලුත්ගමගේ විසින් ජනවාරි 02වැනිදා පුද්ගලික රූපවාහිනි නාලිකාවක වැඩසටහනක් අතරතුරදී ප්‍රකාශ කල බවටත් ඒ අනුව ඔහු එම පැහැරගැනීම සහ අතුරුදන් කිරීම පිලිබඳ තොරතුරු දැන සිටින බවටත් පෙරටුගාමී පක්ෂය චෝදනා කරයි.

එසේම මහින්දානන්ද අලුත්ගමගේ විසින් සිදුකල ප්‍රකාශය පිලිබඳ විමර්ශනයක් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව සහ ලලිත් කුමාර් සහෝදරයාගේ පියා ඇතුළු පිරිසක් අද පෙරවරු 10ට පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ද ඉදිරිපත් කරන ලදී.

Feetured dsc_506