අර්ජුනගේ වෘත්තීය සමිති දඩයම

ක්‍රිකට් නිලවරණයේ දී තමන්ට සහය නොදීම නිසා වරාය අධිකාරියේ මාධ්‍ය කාර්යාලයට සීල් තැබූ බව ප්‍රකාශ කළ වරයේ පොදු සේවක සංගමයේ සභාපති චන්ද්‍රසිරි මහගමගේට එරෙහිව විනය පරීක්ෂණයක් ආරම්භ කිරීමට වරාය විෂය බාර අමාත්‍ය අර්ජුන රණතුග කටයුතු කරමින් සිටින බව එහි අභ්‍යන්තර ආරංචිමාර්ග වාර්තා කරයි.

ඒ අනුව පොදු සේවක සංගමයේ සභාපතිගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ඇමතිවරයාගේ සොයුරකු වන වරාය සභාපති ධම්මික රණතුංග වරාය අධිකාරියේ නිලධාරීන්ට දැනුම් දී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

මාධ්‍ය කාර්යාලයට සීල් තැබීම හා වෘත්තීය සමිති සභාපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන්  (07) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍ය අර්ජුන රණතුංග සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සන්නිවේදන හා මහජන සම්බන්ධතා කොට්ඨාසයේ ප්‍රධානියාගේ කාර්යාලයට සීල් තැබීමේ සිදුවීම වෘත්තීය සමිති ගෙන යන අසත්‍ය ප්‍රචාරයක් පමණක් බවයි.

‘වරායේ ජවිපෙ වෘත්තිය සමිති නායකයින්ට හොඳ දේත් ඇඹුල්’ යනුවෙන් සඳහන් කර ඇති අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කර ඇත්තේ, ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සන්නිවේදන සහ මහජන සම්බන්ධතා ප‍්‍රධානීගේ කාර්යාලයට සීල් තැබීමක් කළේ නැහැ. පසුගිය රාජපක්ෂ සමයේ හම්බන්තොට වරායට වතුර පිරවීමේ ජාතික උත්සවයේදී සිදුව ඇතැයි පැවසෙන මූල්‍ය අවභාවිතය සම්බන්ධයෙන් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

නමුත් මෙම සත්‍යය තත්ත්වය විකෘති කරමින් වරායේ ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තිය සමිතිය මඩ ප‍්‍රචාරයක් දියත් කරමින් සිටිනවා. ඔවුන් වරායට කිසිසේත්ම අදාළ නැති කාරණයක් වූ ක‍්‍රිකට් නිලවරණය මේ අභ්‍යන්තර කටයුත්තට සම්බන්ධ කරමින් අසත්‍ය ප‍්‍රචාරයක් දියත් කරමින් සිටිනවා.” යැයි අමාත්‍යවරයා එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

arjuna

sathhada