කාන්තාවන්ට පහර දෙන ක්‍රිස්

ජනප්‍රිය ගායක ක්‍රිස් බ්‍රවුන් පසුගිය දා පැවැති එක්තරා ප්‍රසංගයකදී කාන්තාවකට පහර දී ඇතැයි පැවසෙනවා. ලිසියෑන් ගටීරෙස් නම් වූ ඇයට මේ ගායකයා පහර දී ඇත්තේ ඔහුගේ ඡායාරූපයක් ගත්තේ යැයි චෝදනා කරමින්.

හොලිවුඩ්පුරයෙන් වාර්තා වන අන්දමට ක්‍රිස් බ්‍රවුන්, ලාස් වේගාස් නුවර පිහිටි ‘ද පාම්ස් හොටෙල්’ හිදී පැවැති එක්තරා සාදයකට සහභාගි වී තිබෙනවා. මෙයට එක්වූ ලිසියෑන්, තම ජංගම දුරකථනයෙන් ක්‍රිස්ගේ ඡායාරූපයක් ගෙන ඇත්තේ ඇය ඔහුගේ රසිකාවියක් නිසයි.

සාදයට එක්ව සිටි විශාල පිරිස මැද සිටි ක්‍රිස්ගේ ඡායාරූපයක් ගෙන අවසන් වනවාක් සමඟම එතැනට පැමිණි ඔහු, ඇගේ දකුණු ඇස ප්‍රදේශයට පහරක් එල්ල කර තිබෙනවා. වහාම එතැනින් නික්මුණු ලිසියෑන් මේ සිද්ධිය පොලීසියට පැමිණිලි කර තිබෙනවා. පොලීසිය මේ ගැන පරීක්ෂණ පවත්වන බවයි, පැවසෙන්නේ.

ක්‍රිස්, මීට පෙර 2009 දී ගායිකා රිහානාට ද පහර දුන්නැයි චෝදනාවක් නැඟී තිබෙනවා.

see