පුලතිසි දෙවියා හොඳ හැටි බැනුම් අසා ඉවත් කර ගනී

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වර්ෂ පූර්ණ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් නිල ගීතයක් එලි දක්වා තිබේ.

ඉතිහාසයේ රජකල රජවරුන් අහසින් පැමිණ ජනපති මෛත්‍රී පාලනයට ආශිර්වාද කරන වීඩියෝවක් එහි දැක්වේ.

කෙසේ වෙතත් මෙම වීඩියෝවේ රාජපුරුෂයන් යන පාරේ දුරකතන කනු, සමහර තැන්වල නවීන වාහන ආදියද ඇතුලත් වීම විශේෂය.

මෙම වීඩියෝව අරෝෂ ප්‍රනාන්දු විසින් නිෂ්පාදනය කර ඇති අතර අනුර මාධව ජයසේකර විසින් අධ්‍යක්ෂණය කර තිබේ.

එම ගීතය ඔවුන් විසින් ‘යු ටියුබ්’ එකට දමා පැය කිහිපයකින් ඉවත්කර ගෙන තිබිණ.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ මහින්දගේ දෙපතුල්ලග වෑටී සිටි මොවුන් දෑන් යහපාලනයට හේත්තු වෙන්න දගලන බවක් පෙනේ. අතීතයේ උදා හරණ වලින්ම කියනවානම් මොවුන් මහින්දවද රජෙකුට අන්දන බව පවසා මහින්දවද නන්නත්තාර කර දෑමීය. බලය ඈති පුද්ගලයින් වටා මිනිසුන් බොහෝ රෑස් වෙන්නේ තමන්ගේ වාසිය සදහාය. රටක පාලකයෙකු අවබෝධයෙන්ම සිටිය යුතු පිරිස නම් ඔහු වටා එක් වෙන අයයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ලගට දෑන් කිට්ටු වී සිටින මෙවන් පිරිස්  ඔබතුමාව රජෙකුට අන්දා ජනතාව ඉදිරියේ මහා විහිලුවක් බවට පත්කරන ලදී.

11855633_10206316346621082_435158462102496829_n 166861_1709208663585_338654_n 1000291_10200712096838340_826131894_n 10155337_10202722468216368_1111839158_n

Capture

 

https://youtu.be/62IUVriokXQ