බෝවි සමුගනියි

සුප්‍රකට බ්‍රිතාන්‍ය ජාතික ගායක ඩේවිඩ් බෝවී ජිවිතක්ෂයට පත්ව තිබේ.

කලෙක සිට පැවැති පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

චිත්‍රපටි අධ්‍යක්ෂවරයෙකු වන ඩේවිඩ් බෝවිගේ පුත් ඩන්කන් ජෝන්ස් ද බෝවිගේ මරණය සම්බන්ධයෙන් සමාජ ජාල වෙත නිවේදනයක් නිකුත් කර ඇත.

පවුලේ ඥාතීන්ගේ දැඩි උත්සාහයත් සමග මාස 18 ක් පුරාවට පිළිකා රෝගයත් සමග සටන්වැදුණූ ඩේවිඩ් බෝවි අද සාමදානයේ සැතපුණු බව ඔහුගේ පුතා සමාජ ජාල වෙත නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

වර්ෂ 1947 ජනවාරි මස 08 වනදා එංගලන්තයේ බ්‍රික්ස්ටන් ප්‍රදේශයේ උපත ලැබූ ඩේවිඩ් බෝවී මියයන විට 69 වන වියේ පසුවුණි.

ඩේවිඩ් බෝවි ගායකයෙකු, ගී පද රචකයෙකු, වාදකයෙකු, නිෂ්පාදකවරයෙකු, චිත්‍ර ශිල්පියෙකු මෙන්ම  නළුවෙකු ලෙස ද කටයුතු කර ඇති අතර දශක 04 කට වැඩි කාලයක් ඔහු සංගීත ක්ෂේත්‍රය තුළ ජනප්‍රිය චරිතයක් වුණි.

bovi