‘ලංකාවෙ කොල්ලෙක්ව නම් බඳින්නෑ’ – යුරේනි

ජනප්‍රිය නිළි යුරේනි නොෂිකා නිරන්තරයෙන්ම කතාබහට ලක් වෙන චරිතයකි.

රංගනය හා නිරූපණය මෙන්ම ගායනයට ද පිවිසුණු යුරේනි පසුගිය දා තම විවාහය පිළිබඳ විශේෂ අනාවැකියක් පළ කළා ය.

රූපවාහිනී වැඩසටහනක් අතරතුර දී ඇය පවසා සිටියේ තමා කවරදාකවත් මෙරට තරුණයෙකු සමග විවාහ වීමට අපේක්ෂා නොකරන බව යි.

එමෙන්ම කවදා හෝ විවාහ වන්නේ විදෙස් තරුණයෙකු සමඟ බවයි ඇය වැඩිදුරටත් පැවසුවේ.

තමාගේ මෙම තීරණයට හේතුව ලෙස යුරේනි පවසන්නේ තමන් තනියම හැදුනු වැඩුනු නිසා සහ තමන් හැසිරෙන, ජීවත්වෙන ආකාරය ලංකාවේ අයට ඒ තරම් නොගැලපෙන බව දන්න නිසා මේ තීරණය කල්තියාම ගත් බව යි.

ඒ නිසා තමන්ගෙ හැසිරීම් සහ ජීවන රටාව වඩාත් සමීප වන්නේ විදෙස් ජාතික තරුණයෙකුගේ ජීවන රටාවට යැයි තමා විශ්වාස කරන බවත් තමන්ගේ ජීවිතයේ විවෘත බවට ගැලපෙන පිරිමින් ලංකාවේ නොමැති බව සිතන බවත් ඇය වැඩි දුරටත් පැවසුවා ය.

ලංකාවේ පිරිමින් විවාහ වූ සැණින් ගැහැණියව කූඩු කරගන්න උත්සහ කරන බව ද යුරේණි පවසා සිටියාය.

as