වන් ඇල්ෆා හිඟයක්

වකුගඩු රෝගීන්ගේ අස්ථි සුරක්ෂිත කිරීම සඳහා ලබාදෙන ‘වන් ඇල්ෆා’ ඖෂධ අනුරාධපුර ශික්ෂණ රෝහල ඇතුළුව රෝහල් කිහිපයක නොමැතිවීම නිසා රෝගීන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව ඇතැයි වකුගඩු සුරැකීමේ ජනතා ව්‍යාපාරය සඳහන් කරයි.

වකුගඩු රෝගයට ලක්වූ රෝගීන්ගෙන් 98% ක් මෙම ඖෂධ දිනපතා ලබාගත යුතු අතර රෝහල් තුළ නොමැතිවීම නිසා එය ඖෂධහල්වලින් ලබාගැනීමට සිදුව තිබෙන බවත්, එහෙත් ඖෂධහල් තුළත් මේ වනවිට ඖෂධ හිඟයක් පවතින බවද එම සංවිධානයේ ජාතික සංවිධායක අගුනොච්චියේ කුමාර කාශ්‍යප හිමියෝ පැවසූහ.

මෙම හිඟය නිසා ෆාමසි තුළින් මීට පෙර රුපියල් 10 කට අලෙවි කළ ‘වන් ඇල්ෆා’ ඖෂධය රුපියල් 40 දක්වා මිල ඉහළ දමා ඇතැයිද උන්වහන්සේ සඳහන් කළහ.

xde

ada